ඇල්ල බස් අනතුරේ රියදුරුගේ රුධිර සාම්පල රජයේ රස පරීක්ෂක වෙත

පසුගිය 04 වනදා ඇල්ල – වැල්ලවාය මාර්ගයේ 24 කණුව ආසන්නයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී ජීවිත අහිමි වූ තංගල්ල නගරසභා සේවකයින්ගේ අවසන් කටයුතු අද (07) පස්වරුවේ සිදු කිරීමට නියමිතව තිබෙනවා.

මේ අතර බස් රථයේ රියදුරු ද මෙම අනතුරින් ජීවිතක්ෂය පත් වූ අතර, ඔහුගේ රුධිර සාම්පල රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

මෙම බස් අනතුරින් පුද්ගලයින් 18 දෙනෙක් තුවාල ලැබූ අතර, ඔවුන්ගෙන් 11 දෙනෙක් තවමත් රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා.

විනෝද චාරිකාවක් ගිය තංගල්ල නගරසභාවේ සේවකයින් පිරිසක් රැගත් බස් රථයක් නැවත පැමිණෙමින් සිටිය දී පසුගිය 04 වනදා රාත්‍රි 9.20ට පමණ මෙම අනතුරට මුහුණ පා තිබුණා.

එහිදී බස් රථයේ ගමන් ගත් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
13
+1
0
+1
0
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?