පසුගිය 04 වනදා ඇල්ල – වැල්ලවාය මාර්ගයේ 24 කණුව ආසන්නයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී ජීවිත අහිමි වූ තංගල්ල නගරසභා සේවකයින්ගේ අවසන් කටයුතු අද (07) පස්වරුවේ සිදු කිරීමට නියමිතව තිබෙනවා.
මේ අතර බස් රථයේ රියදුරු ද මෙම අනතුරින් ජීවිතක්ෂය පත් වූ අතර, ඔහුගේ රුධිර සාම්පල රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකිරීමට නියමිත බවයි වාර්තා වුණේ.
මෙම බස් අනතුරින් පුද්ගලයින් 18 දෙනෙක් තුවාල ලැබූ අතර, ඔවුන්ගෙන් 11 දෙනෙක් තවමත් රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා.
විනෝද චාරිකාවක් ගිය තංගල්ල නගරසභාවේ සේවකයින් පිරිසක් රැගත් බස් රථයක් නැවත පැමිණෙමින් සිටිය දී පසුගිය 04 වනදා රාත්‍රි 9.20ට පමණ මෙම අනතුරට මුහුණ පා තිබුණා.
එහිදී බස් රථයේ ගමන් ගත් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.














අනතුර සිදුවූ වෙලාව දැනගත්තෙ මේ පෝස්ට් එකෙන්
අපි ජානාදිපති තුමාට හොඳ ජනවරමක් දුන්නා.දන් ඉතින් බස් ගැමුණුලා නලෙවුවා ඇති .ඔය බස් වල තියන සියලුම තොරොම්බ්ල් අයින්කරලා දාන්න. විපක්ශය උන් උන්ගෙ වාසියට කෑ මොරදෙයි.දන් ඉතින්න් ඉවසුවා හොඳටම අති.
අනිත් කාරණය සති අන්තයේ දවස් තුනක්ම නිවාඩු තියෙද්දී නගර සභාව වගේ වගකිවයුතු රජයේ කාර්යාලයක් වැඩ කරන දවසක් මේ ගමනට යොදා ගත්තේ ඇයි?
ශුවර් එකටම නිවාඩු දවස් වල OT කරන්න හිතාගන වෙන්න ඇති.
මේවා මෙයාල කරන දේවල්.