ඇල්ල බස් අනතුරේ රියදුරුගේ රුධිර සාම්පල රජයේ රස පරීක්ෂක වෙත

පසුගිය 04 වනදා ඇල්ල – වැල්ලවාය මාර්ගයේ 24 කණුව ආසන්නයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී ජීවිත අහිමි වූ තංගල්ල නගරසභා සේවකයින්ගේ අවසන් කටයුතු අද (07) පස්වරුවේ සිදු කිරීමට නියමිතව තිබෙනවා.

මේ අතර බස් රථයේ රියදුරු ද මෙම අනතුරින් ජීවිතක්ෂය පත් වූ අතර, ඔහුගේ රුධිර සාම්පල රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

මෙම බස් අනතුරින් පුද්ගලයින් 18 දෙනෙක් තුවාල ලැබූ අතර, ඔවුන්ගෙන් 11 දෙනෙක් තවමත් රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා.

විනෝද චාරිකාවක් ගිය තංගල්ල නගරසභාවේ සේවකයින් පිරිසක් රැගත් බස් රථයක් නැවත පැමිණෙමින් සිටිය දී පසුගිය 04 වනදා රාත්‍රි 9.20ට පමණ මෙම අනතුරට මුහුණ පා තිබුණා.

එහිදී බස් රථයේ ගමන් ගත් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

    • අපි ජානාදිපති තුමාට හොඳ ජනවරමක් දුන්නා.දන් ඉතින් බස් ගැමුණුලා නලෙවුවා ඇති .ඔය බස් වල තියන සියලුම තොරොම්බ්ල් අයින්කරලා දාන්න. විපක්ශය උන් උන්ගෙ වාසියට කෑ මොරදෙයි.දන් ඉතින්න් ඉවසුවා හොඳටම අති.

  1. අනිත් කාරණය සති අන්තයේ දවස් තුනක්ම නිවාඩු තියෙද්දී නගර සභාව වගේ වගකිවයුතු රජයේ කාර්‍යාලයක් වැඩ කරන දවසක් මේ ගමනට යොදා ගත්තේ ඇයි?
    ශුවර් එකටම නිවාඩු දවස් වල OT කරන්න හිතාගන වෙන්න ඇති.
    මේවා මෙයාල කරන දේවල්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිත ආණ්ඩුවට දෙයි හොඳම පදෙන් - පරාජය එනකොට බුරුතු පිටින් යන්නේ
09:49
Video thumbnail
22ට විරුද්ධ වුණ නීතිඥයින් හැමෝම සජබයෙද ?ඔයාලා ඔච්චර කළබල වෙන්න එපා
09:11
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුවේ කළ පැමිණිල්ල - ධීවර ඇමති මට තිත්ත කුණුහරුපෙන් මට බැන්නා
01:03
Video thumbnail
පංති ගිය ළමයා අතුරුදන්..දැන් දින 7ක් කිසිම තොරතුරක් නෑ
01:48
Video thumbnail
මාර්ගය හරහා මාරුවෙන අමුත්තො
00:38
Video thumbnail
සරුවට වැඩුණු ගංජා හේන් දෙකක් කොටුකළ මෙහෙයුම
01:01
Video thumbnail
ඉන්දුනීසියානුවන්ගේ ජීවිත රැකගත් නාවික හමුදා මෙහෙයුම
00:38
Video thumbnail
ඔරිජිනල් හරිනි දැන් ගෙදර..පාර්ලිමේන්තුවට ඇවිත් ඉන්නේ භූත ආත්මය - භූත ආත්මය බයවෙලා
04:05
Video thumbnail
නිරුවත් රජතුමා ගැන කියලා 22වන සංශෝධනයට උත්තර දුන්න සජිත් - දැන්වත් මේක ඉල්ලා අස් කරගන්න
12:19
Video thumbnail
නාමල්ව බොරු සාක්ෂිවලින් හිරගත කරන උත්සහයෙන් බේරලා දෙන්න - සාගර එළියට ඇවිත් නාමල් ගැන කිව්ව දේ
06:06