Update – ඇල්ල බස් අනතුරින් මියගිය අයගේ මෘත දේහ තංගල්ලට ප්‍රවාහනය කිරීමට ඉස්ලාම් දේවස්ථානවල අවමඟුල් රථ

ඊයේ (04) රාත්‍රියේ ඇල්ල – වැල්ලවාය මාර්ගයේ සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලබා රෝහල් ගතකළ පුද්ගලයින්ගේ සියලුදෙනා මේ වනවිට ජීවිත අවදානමින් මිදී ඇති බව බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයෙ ප්‍රධානී වෛද්‍ය පාලිත රාජපක්ෂ පවසනවා.

අප කළ විමසීමක දී වෛද්‍යවරයා සඳහන් කළේ තුවාල ලබා රෝහල් ගතකළ එම රෝගීන් වෙනුවෙන් සිදු කිරීමට තිබූ සැත්කම් සහ අනෙකුත් ප්‍රතිකාර කටයුතු සිදුකර අවසන් බවයි.

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ 24 කණුව ප්‍රදේශයේ දී සිදු වූ මෙම අනතුරුරින් පුද්ගලයින් 18 දෙනෙක් තුවාල ලබා ලැබුවා.

එමෙන්ම මෙම අනතුරින් බස් රථයේ ගමන්ගත් 15 දෙනෙක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වුණා.

මෙලෙස අනතුරට ලක්ව තිබුණේ තංගල්ල ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක් පැමිණ යළි තංගල්ල බලා ගමන් කරමින් සිටි පිරිසක් රැගත් බස් රථයක්.

මේ අතර මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින්ගේ සිරුරු දියතලාව සහ බදුල්ල යන රෝහල්වල තැන්පත් කර තිබෙනවා.

එම සිරුරුවල පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදුකිරීමෙන් අනතුරුව තංගල්ල ප්‍රදේශයට රැගෙන යාමටයි නියමිතව ඇත්තේ.

ඒ, අනුව එම මළ සිරුරු තංගල්ල ප්‍රදේශයට ප්‍රවාහනය කිරීම සඳහා දියතලාව, බණ්ඩාරවෙල සහ බදුල්ල නගරවල මුස්ලිම් දේවස්ථානවල අවමඟුල් රථ නොමිලේ ලබාදීමට පියවර ගෙන ඇති බව ‘දසත නිවුස්’ වාර්තාකරු සඳහන් කළා.

ශුද්ධ වූ නබිතුමන්ගේ ජන්ම දිනය යෙදී ඇති අදවැනි දිනක එම මුස්ලිම් දේවස්ථානවල පාලනාධිකාරිය විසින් ගනු ලැබූ මෙම තීරණය ඉතා ප්‍රශංසනීයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
27
+1
3
+1
5
+1
0
+1
7
+1
3
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?