Update – ඇල්ල බස් අනතුරින් මියගිය අයගේ මෘත දේහ තංගල්ලට ප්‍රවාහනය කිරීමට ඉස්ලාම් දේවස්ථානවල අවමඟුල් රථ

ඊයේ (04) රාත්‍රියේ ඇල්ල – වැල්ලවාය මාර්ගයේ සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලබා රෝහල් ගතකළ පුද්ගලයින්ගේ සියලුදෙනා මේ වනවිට ජීවිත අවදානමින් මිදී ඇති බව බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයෙ ප්‍රධානී වෛද්‍ය පාලිත රාජපක්ෂ පවසනවා.

අප කළ විමසීමක දී වෛද්‍යවරයා සඳහන් කළේ තුවාල ලබා රෝහල් ගතකළ එම රෝගීන් වෙනුවෙන් සිදු කිරීමට තිබූ සැත්කම් සහ අනෙකුත් ප්‍රතිකාර කටයුතු සිදුකර අවසන් බවයි.

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ 24 කණුව ප්‍රදේශයේ දී සිදු වූ මෙම අනතුරුරින් පුද්ගලයින් 18 දෙනෙක් තුවාල ලබා ලැබුවා.

එමෙන්ම මෙම අනතුරින් බස් රථයේ ගමන්ගත් 15 දෙනෙක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වුණා.

මෙලෙස අනතුරට ලක්ව තිබුණේ තංගල්ල ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක් පැමිණ යළි තංගල්ල බලා ගමන් කරමින් සිටි පිරිසක් රැගත් බස් රථයක්.

මේ අතර මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින්ගේ සිරුරු දියතලාව සහ බදුල්ල යන රෝහල්වල තැන්පත් කර තිබෙනවා.

එම සිරුරුවල පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදුකිරීමෙන් අනතුරුව තංගල්ල ප්‍රදේශයට රැගෙන යාමටයි නියමිතව ඇත්තේ.

ඒ, අනුව එම මළ සිරුරු තංගල්ල ප්‍රදේශයට ප්‍රවාහනය කිරීම සඳහා දියතලාව, බණ්ඩාරවෙල සහ බදුල්ල නගරවල මුස්ලිම් දේවස්ථානවල අවමඟුල් රථ නොමිලේ ලබාදීමට පියවර ගෙන ඇති බව ‘දසත නිවුස්’ වාර්තාකරු සඳහන් කළා.

ශුද්ධ වූ නබිතුමන්ගේ ජන්ම දිනය යෙදී ඇති අදවැනි දිනක එම මුස්ලිම් දේවස්ථානවල පාලනාධිකාරිය විසින් ගනු ලැබූ මෙම තීරණය ඉතා ප්‍රශංසනීයයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිත ආණ්ඩුවට දෙයි හොඳම පදෙන් - පරාජය එනකොට බුරුතු පිටින් යන්නේ
09:49
Video thumbnail
22ට විරුද්ධ වුණ නීතිඥයින් හැමෝම සජබයෙද ?ඔයාලා ඔච්චර කළබල වෙන්න එපා
09:11
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුවේ කළ පැමිණිල්ල - ධීවර ඇමති මට තිත්ත කුණුහරුපෙන් මට බැන්නා
01:03
Video thumbnail
පංති ගිය ළමයා අතුරුදන්..දැන් දින 7ක් කිසිම තොරතුරක් නෑ
01:48
Video thumbnail
මාර්ගය හරහා මාරුවෙන අමුත්තො
00:38
Video thumbnail
සරුවට වැඩුණු ගංජා හේන් දෙකක් කොටුකළ මෙහෙයුම
01:01
Video thumbnail
ඉන්දුනීසියානුවන්ගේ ජීවිත රැකගත් නාවික හමුදා මෙහෙයුම
00:38
Video thumbnail
ඔරිජිනල් හරිනි දැන් ගෙදර..පාර්ලිමේන්තුවට ඇවිත් ඉන්නේ භූත ආත්මය - භූත ආත්මය බයවෙලා
04:05
Video thumbnail
නිරුවත් රජතුමා ගැන කියලා 22වන සංශෝධනයට උත්තර දුන්න සජිත් - දැන්වත් මේක ඉල්ලා අස් කරගන්න
12:19
Video thumbnail
නාමල්ව බොරු සාක්ෂිවලින් හිරගත කරන උත්සහයෙන් බේරලා දෙන්න - සාගර එළියට ඇවිත් නාමල් ගැන කිව්ව දේ
06:06