ඇල්ල ප්‍රදේශයේ ඊයේ (04) රාත්‍රියේ සිදු වූ මාරක බස් අනතුර සම්බන්ධයෙන් තමන් අතිශය ශෝකයට පත්වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
විපක්ෂ නායකවරයා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරනවා.
විපතේ දී අනෙකාට උදව් කිරීමේ අප සතු උතුම් ගුණාංගය යළි, යළිත් පසක් කළ අවස්ථාවක් මෙහිදී තමන් දුටු බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අදාළ නිවේදනය මඟින් පවසා ඇත්තේ.
එමෙන්ම මෙම අවාසනාවන්ත සිදුවීමත් සමඟ බස් රථයේ ගමන් කළ පිරිසගේ ජීවිත බේරාගැනීමට කඩිනමින් ක්‍රියාත්මක වූ ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු ආරක්ෂක අංශවලටත්, මුදාගැනීමේ කණ්ඩායම්වලටත්, සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලටත්, ඇල්ල ප්‍රදේශයේ ජනතාවටත් ගෞරවය සහ කෘතවේදීත්වය පළකරන බව ඔහු එහි වැඩිදුරටත් දක්වා තිබෙනවා.






