Update – ඇල්ල බස් අනතුරින් තුවාල ලැබූවන් ප්‍රවාහනයට හා හදිසි සහාය දැක්වීමකට හෙලිකොප්ටර් 02ක්

ඇල්ල වැල්ලවාය මාර්ගයේ බස් අනතුරින් තුවාල ලැබූවන් ප්‍රවාහනයට සහ හදිසි සහාය දැක්වීමකට හෙලිකොප්ටර් යාන දෙකක් සූදානම් කර ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසනවා.

ඒ, අනුව දියතලාව ගුවන් හමුදා කඳවුරේ MI-17 හෙලිකොප්ටර් යානයක් සහ වීරවිල හමුදා කඳවුරේ Bell 412 වර්ගයේ යානයක් මෙලෙස සූදානම් කර ඇති බවයි ගුවන් හමුදාව සඳහන් කළේ.

අනතුරින් බරපතළ තුවාල වූ පුද්ගලයින් කොළඹට ගුවන් මාර්ගයෙන් රැගෙන යාමට හෝ අවශ්‍ය ඕනෑම ගලවා ගැනීමේ මෙහෙයුමකට සහාය වීම සඳහා මෙම ගුවන් යානා සූදානම් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?