නාවලපිටියේ රන් කඩයක් සුද්ද කළ තුනක් පොලිස් අත්අඩංගුවට

නාවලපිටිය සුපිරි වෙළද සංකීරණයේ දෙවන මහලේ පවත්වා ගෙන ගිය රන් භාණ්ඩ අලෙවි හා රන් උකස් මධ්‍යස්ථානයක් බිඳ එහි රන් භාණ්ඩ හා උපකරණ සොරාගත් සැකකරුවෙක් සහ ඊට අනුබල දුන් පුද්ගලයින් දෙදෙනෙකු නාවලපිටිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති ප්‍රධාන සැකකරු කහටගස්දිගිලිය පොලිසියේ ලියාපදිංචි අපරාධකරුවන්ගේ නාම ලේඛනයට ඇතුළත් සැකකරුවෙක් බවයි වාර්තා වන්නේ.

මොහු විසින් සොරාගෙන ඇති අභරණ සහ භාණ්ඩ තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 35කට අධික බවයි පැවසෙන්නේ.

සැකකරු මිතුරෙකු සමඟ එක්ව සොරාගන්නා ලද රන් භාණ්ඩ කහටගස්දිගිලිය, මිහින්තලේ, මහනුවර, ගම්පොළ, ගිනිගත්හේන සහ නාවලපිටිය නගරවල පිහිටි උකස් මධ්‍යස්ථානවල උකසට තබා මුදල් ලබාගෙන ඇති බව පොලිසිය පවසනවා.

එම මුදල්වලින් රුපියල් ලක්ෂ 05ක් පමණ වටිනා යතුරුපැදියක් ද මිල දී ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම සොරකම සම්බන්ධයෙන් සිදුකළ පුළුල් විමර්ශනවල දී සැකකරුවන් හඳුනාගැනීමට හැකි වූ බවත්, පසුගිය මාස තුන තුළ නාවලපිටිය නගරයේ විවිධ ස්ථානවල සිදු වූ සොරකම් ගණනාවකට ප්‍රධාන සැකකරු සහ දෙවන සැකකරු අතර සම්බන්ධතාවක් ඇති බවත් අනාවරණය වී තිබෙනවා.

නාවලපිටිය පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
00:00
Video thumbnail
නොන්ඩි ගාගෙන උසාවියට ආපු හරක්කටා
01:20
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක්
00:50
Video thumbnail
කපුටු කාක්කව ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා - බේරෙන්න බෑ
11:41
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක් - අපේ මුළු පවුලම කතෝලික..හරිම කණගාටුයි
01:52
Video thumbnail
රට අනුරට - ගොවියා කසිප්පු පොළට
05:42
Video thumbnail
කරන්න බැරිනම් මේ හත්තිලව්ව දීලා යන්න - මදුරුවෝ ඇවිත් මිනිස්සුන්ට ඇරියට පස්සේ චෙක් කරන්නේ
03:08
Video thumbnail
ආලෝකා සුනඛයා වගේ පාද යාත්‍රාවේ යන අපේ රටේ සුනඛයා - අනුරාධපුරයේ ඉදන් පාද යාත්‍රාවේ එන හැටි
02:41
Video thumbnail
මගේ ලැම්බෝගිනිය ගෙනත් දෙන්න - ආණ්ඩුවට පිං සිද්දවෙයි
08:09
Video thumbnail
සියම් පාද යාත්‍රාවේ එන සුනකයා - හාමුදුරුවන්ට කිට්ටු වෙන්න දෙන්නේ නෑ
01:06