ඇගලුම් සේවිකාවන් ප්‍රවාහනයට රියදුරන් දෙදෙනෙක් පැටලෙයි

පුද්ගලික ඇගලුම් කම්හලක සේවිකාවන් ප්‍රවාහනය කරනු ලබන බස් රථයක් පැහැර ගෙන යාමේ සිද්ධියක් ඊයේ (25) රාත්‍රියේ ගාල්ල, පිලාන ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ඇගලුම් සේවිකාවන් ප්‍රවාහනය කිරීම සම්බන්ධව බස් රථ හිමිකරුවන් දෙදෙනෙක් අතර ඇති වූ ආරවුලක් දුර දිග යාම නිසා මෙම බස් රථය පැහැර ගැනීමට ලක්ව තිබෙනවා.

බස් රථය පැහැර ගැනීමේ සිද්ධියට පෙර, පැහැර ගැනීමට ලක්වූ බස් රථයේ හිමිකරුවට බස් රථය පැහැර ගත් පුද්ගලයා විසින් පහර දී ඇති අතර පහර කෑමට ලක්වූ බස් රථ හිමිකරු මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

මෙලෙස රෝහල් ගතව සිටින අතරතුර ඔහුගේ නිවසට පැමිණ බස් රථය පැහැර ගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් එම බස් රථය සහ පැහැර ගැනීම සිදු කළ සැකකරු හබරාදූව, මීපේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව අක්මීමන පොලිසිය පවසනවා.

සිද්ධියට අදාළව තවත් සැකකරුවන් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගැනිමට නියමිත බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
0
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද පොලිස් චණ්ඩි දාන සත්තම - උඹ කොහොමද එහෙම ග#න්නේ ප#..හරියට ඩියුටි කරන්නේ නෑ
03:02
Video thumbnail
සලේ ජීවිත පරදුවට තියලා මුරපද ආරක්ෂා කරගැනීමට හේතුව ගම්මන්පිල කියයි - හෙළිදරව්වීම හරිම සංවේදීයි
11:15
Video thumbnail
රු.131කින් පෙට්‍රල් මිල අඩු කරන්න පුළුවන්..ගම්මන්පිල සියල්ල එළියට දායි
10:38
Video thumbnail
වාහන ආනයනාකරුවන්ගේ සංගම‍යෙන් ආණ්ඩුවට ඉල්ලීමක් - අපිට ලොකු සහයෝගයක් දෙන්න
03:14
Video thumbnail
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වැනි සංවත්සරයට විපක්ෂ නායක, චාමර ඇතුළු ප්‍රබලයින් රැසක් එයි
04:13
Video thumbnail
කැමරාව වහලා දොලවත්ත ආණ්ඩුවට සැරටම කිව්ව දේ - මේ ආණ්ඩුවට කිසිම හැකියාවක් නෑ
03:04
Video thumbnail
මාලඹේ රත්කල පන්දම් විරෝධතාව - 76 සා#පයට වඩා දෙගුණයක සා#පයක් මේක
04:57
Video thumbnail
මුලතිව් දිස්ත්‍රික් මහ රෝහලට ගිලන් රථයක් - සෞඛ්‍යය ඇමති අතින් ලබාදුන් අයුරු
01:05
Video thumbnail
පෞද්ගලික ඉඩමකින් බොරළු හොරකම් කළ මාලිමා මන්ත්‍රී ? - "මූට මන්ත්‍රී කියන්නත් ලැජ්ජයි..කොන්දක් නැද්ද ?
06:32
Video thumbnail
පොසොන් බලන්න ගිය පවුලට අත්වූ බිහිසුණු ඉරණම - මිත්තණිය සහ පුංචි පුතා එළොව යයි
02:29