අලුත් පොලිස්පති අග්‍රාමාත්‍යවරිය හමුවෙයි

නව පොලිස්පතිවරයා ලෙස පත් වූ නීතිඥ ප්‍රියන්ත වීරසූරිය අද (23) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය නිලවශයෙන් මුණගැසුණා.

මෙම හමුව සිදුවුණේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දීයි.

ශ්‍රී ලංකාවේ 37 වන පොලිස්පතිවරයා ලෙස නීතිඥ ප්‍රියන්ත වීරසූරිය පසුගිය 14 වනදා සිය ධුරයේ වැඩ භාරගනු ලැබුවා.