මැසඩෝනියාවට පනින්න ලංකාවට ආ බංගලාදේශ ජාතිකයන් පහක් පිටුවහල් කෙරේ

කූඨ ලෙස සකස් කළ වීසා බලපත්‍ර භාවිත කරමින් මැසඩෝනියාව වෙත පළා යාමට තැත් කළ බංගලාදේශ ජාතිකයන් 05 දෙනෙකු අද (20) දින ආපසු හරවා යැවීමට කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් කටයුතු කර තිබෙනවා.

මෙම පුද්ගලයින් අද (20) අලුයම් කාලයේ ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 ඊ. – 1171 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

එලෙස පැමිණි ඔවුන් සිය ආගමන කටයුතු නිශ්කාශනය කිරීම සදහා පෝලිමක රැදී සිටියදී, ප්‍රධාන ආගමන විගමන නිලධාරීවරයාට ඇති වූ සැකය මත සිදුකළ ප්‍රශ්ණ කිරීමෙන් අනතුරුව මොවුන් සතුව තිබූ මැසඩෝනියා රාජ්‍යයේ වීසා බලපත්‍ර පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා දේශසීමා ආවේක්ෂණ ඒකකය වෙත භාරදීමට පියවර ගෙන තිබුණා.

එහිදී සිදුකළ තාක්ෂණික පරීක්ෂා කිරීම්වල දී , මෙම වීසා බලපත්‍ර කූඨ ලෙස සකස් කළ ඒවා බවට තහවුරු වී තිබෙනවා.

අනතුරුව මොවුන්ගෙන් මේ පිළිබද වැඩිදුර ප්‍රශ්ණ කිරීම්වල දී තමන් මෙරටට පැමිණ දින දෙකකට පසුව මැසඩෝනියාව වෙත පළා යාම සදහා සැළසුම් කර ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් හමුවේ අනාවරණය කර ඇති බවයි වාර්තා වුණේ.

ඒ, අනුව මොවුන් ආපසු හරවා යැවීමටයි කටයුතු කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත
01:35
Video thumbnail
ශිරන්ති රාජපක්ෂගේ අත අල්ලගෙන සුනිල් කිව්ව දේ
01:48
Video thumbnail
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කළ ප්‍රබල කතාව - විනිශ්චය අතර වෙනසක් වුණොත් විවේචන එන්නේ අපිට
09:13
Video thumbnail
මුළු රටක්ම හඬවා දැයෙන් සමුගත් නන්දා මාලනිය - සමුදෙන්න කලාකරුවන් රැසක් එයි
05:12
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත - නන්දා මාලනිය ඔබට සුබ ගමන්..!!
03:35
Video thumbnail
මාලනියගේ නිසල දේහය සහිත පෙට්ටිය මත වැටී ඥාතීන් හඬා වැටෙන අයුරු
01:01
Video thumbnail
මාලනියගේ අවසන් මතක සටහන අරගෙන මිනිස්සු පාරේ ඉන්න හැටි - ඔබයි රම්‍ය සඳ කිරණ ඝණ අන්ධකාරේ
02:07
Video thumbnail
මුන් තමයි හොරු මහත්තයෝ..අපේ හොරා - නාමල්ගේ කතාවට පිටුපසින් කෑගහලා කියූ දේ
01:47