දකුණු චීන මුහුදේ දැවැන්ත යුද අභ්‍යාසයක්

දකුණු චීන මුහුදේ ඉහළ යන ආතතීන් මධ්‍යයේ පිලිපීනය සහ ඕස්ට්‍රේලියාව දැවැන්ත යුද අභ්‍යාසයක් ආරම්භ කර තිබෙනවා.

අගෝස්තු 15 වැනිදා ආරම්භ වූ යුද අභ්‍යාසය අගෝස්තු 29 වැනිදා දක්වා පැවැත්වෙන බව පිලිපීන හමුදාව නිවේදනය කළා.

පිලිපීන සහ ඕස්ට්‍රේලියානු හමුදා සාමාජිකයන් 3600ක් සහභාගී වන යුද අභ්‍යාසයට ඊට අමතරව කැනේඩියානු රාජකීය නාවික හමුදාව සහ ඇමෙරිකාවේ මැරීන් බලකාය ද එක්වන බව සඳහන්.

2023 දී පළමුවරට පැවැත්වුණු ද්විපාර්ශ්වික ආරක්ෂක අභ්‍යාසයේ වඩාත්ම පුළුල් හා සංකීර්ණ පුනරාවර්තනයේ ආරම්භය මෙවර සනිටුහන් කරන බව පිලිපීන හමුදාව නිකුත් කළ නිවේදනයේ දැක්වුණා.

දකුණු චීන මුහුදේ විශාල ප්‍රදේශයක බීජිං හි ආක්‍රමණශීලීත්වයට සහ ස්වෛරීභාවය පිළිබඳ ප්‍රකාශයන්ට එරෙහිව කටයුතු කිරීම සඳහා පිලිපීනය මෑත කාලීනව කලාපීය රටවල් සමඟ ඉහළ සහයෝගීතාවකින් කටයුතු කරමින් සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.10.20
00:00
Video thumbnail
වෙනසක් නෙමෙයි මහා විනාශයක් - මරික්කාර් ආණ්ඩුවට සැරටම අමතයි
08:21
Video thumbnail
හිරේ දාන කට්ටිය පින්බත් කද්දි මහ ජනතාවට හිඟා කන්න වෙන්නේ
04:52
Video thumbnail
මාලිමාව අලින්ට බයයි - දැන් ඩෝබිලා කෑගහගෙන එයි
05:03
Video thumbnail
අල්ලස් කොමිසමෙන් එළියට ආ ජී.එල් කිව්ව දේ.. මම කවදාවත් සල්ලි පස්සේ ගියේ නෑ
09:08
Video thumbnail
නාමල්ගේ පෞද්ගලික ලේකම් අධිකරණයට රැගෙන ආ හැටි - මූණත් අවුල් කරගෙන එන්නේ
01:26
Video thumbnail
පාතහේවාහැට ප්‍රා. සභාවේ හිටපු සභාපති නඩුවට ඉදිරිපත් නොවී රෝහල් ගතවෙලා..පොලිසිය එද්දි රෝහලෙන් පැනලා ?
06:27
Video thumbnail
අකිල විරාජ් උසාවියට දුවගෙන ආ හැටි
01:06
Video thumbnail
පාතහේවාහැට ප්‍රා. සභාව තාවකාලිකව අත්හිටුවයි - ජනතා විරෝධී ප්‍රතිපත්ති අනුගමනය කරන්නේ
05:59
Video thumbnail
කාවන්තිස්සගේ ම#ණය ගැන මම වගකීම භාරගන්න සූදානම්
19:23