ගල්කිස්සේ පුද්ගල ඝාතනයක් – තියුණු ආයුධවලින් පහරදීලා

ගල්කිස්ස පොලිස් වසමේ අරලිය නිවාස ප්‍රදේශයේ දී ඊයේ (01) පස්වරුවේ පුද්ගලයින් දෙදෙනෙකුට තියුණු ආයුධවලින් පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලබා ලුනාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඒක්‌ අයෙක් මියගොස් තිබෙනවා.

තුවාල ලැබූ අනෙක් පුද්ගලයා වැඩිදුර ප්‍රථිකාර සඳහා කළුබෝවිල රෝහල වෙත මාරුකර යවා ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස මියගොස් ඇති පුද්ගලයා මරණකරු වයස අවුරුදු 28 ක් වූ අඟුලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

දෙපාර්ශවයක් අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් තියුණු ආයුධවලින් පහරදී මෙම ඝාතනය සිදු කර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

මෙම ඝාතනය සිදුකළ සැකකරුවන් හඳුනාගෙන ඇති අතර, ප්‍රදේශයෙන් පලාගොස් සිටින එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?