ගම්මන්පිලගේ ව්‍යාජ ඇටෝනි බලපත්‍ර නඩුව කල්යයි

ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් සකස්කර ඕස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකුට අයත් රුපියල් මිලියන 20ක වටිනාකමකින් යුත් සමාගම් කොට සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව යළි නොවැම්බර් 21 වනදා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද මහතා නියෝග කළා.

ඒ, අදාළ නඩුව අද (21) දිනයේ අවස්ථාවේදී යි.

විනිසුරුවරයා මෙහිදී නියම කළේ, අදාළ නඩුව විභාගය සඳහා නොවැම්බර් මස 21 වනදා විභාගය සඳහා කැඳවන ලෙසයි.

ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් සකස්කර ඕස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකු වන බ්‍රයන් ෂැඩික් නමැත්තාට අයත් රුපියල් මිලියන 20ක වටිනාකමකින් යුත් සමාගම් කොටස් සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ මෙම නඩුව ගොනුකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
12
+1
0
+1
1
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?