අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිදන්ගත නහර රෝගයකින් පෙළෙන බව ධවල මන්දිරය නිවේදනය කර තිබෙනවා.
ධවල මන්දිරයේ මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් පැවසුවේ රෝග නිර්ණය සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාට පරීක්ෂණයක් ද සිදුකළ බවයි.
ජනාධිපතිවරයාගේ අතේ තැලීම් සහ කකුල් ඉදිමීම වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමෙන් අනතුරුව මෙම පරීක්ෂණය සිදුකර ඇති අතර, එහිදී ඔහු නිදන්ගත නහර රෝගයකින් පෙළෙන බවට අනාවරණය කරගෙන තිබෙනවා.
ඊයේ (17) මධ්‍යවේදීන් අමතමින් ධවල මන්දිර ප්‍රකාශිකා කැරොලයින් ලෙවිට් මෙම රෝගය “නිරපේක්ෂ සහ පොදු තත්වයක්” ලෙස හැඳින්වූවා.
මේ අතර ට්‍රම්ප්ගේ වෛද්‍යවරයාගේ ලිපියක් කියවමින්, ලෙවිට් තවදුරටත් පැවසුවේ මෙම තත්වය “වයස අවුරුදු 70 ට වැඩි පුද්ගලයින් තුළ” සුලබව ඇතිවන තත්ත්වයක් බවයි.
මේ වනවිට 79 හැවිරිදි වියේ පසුවන ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත් එක්සත් ජනපද ඉතිහාසයේ වයස්ගතම පුද්ගලයා වනවා.















