වේට්ටුවම් සිනමා පටය රූගතකරණයේ දී ප්‍රසිද්ධ කලාකරුවෙකු ජීවිතක්ෂයට

ද්‍රවිඩ චිත්‍රපට කර්මාන්තයේ ප්‍රවීණ කැමරා ශිල්පියෙකු හා නිෂ්පාදක අධ්‍යක්ෂවරයෙකු වූ එස්. එම්. රාජු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

ඒ මේ දිනවල රූගත කෙරෙමින් තිබෙන වේට්ටුවම් (Vettuvam) චිත්‍රපටයේ රූගත කිරීමක දී සිදු වූ බිහිසුණු මෝටර් රථ අනතුරකට ලක් වෙමින්.

වෙට්ටුවන් චිත්‍රපටයට අවශ්‍ය අධි අවදානම් තත්ත්වයක් පෙන්නුම් කෙරෙන මෝටර් රථයක් පෙරලීමේ අනුපිළිවෙළක රූගත කිරීම් අතරතුර මෙම අනතුර සිදු වුණා.

එහිදී අධික වේගයෙන් ඉදිරියට ධාවනය වූ මෝටර් රථය ඉදිරියෙන් ආ තවත් මෝටර් රථයක ගැටී විසි වී ගොස් පෙරළී විනාශ වී ගියා.

එම ස්ථානයට රූගත කිරීම්වලට සහභාගි වී සිටි පිරිස කඩිනමින් පැමිණිය ද රියදුරු අසුනේ සිටි එස්.එම්. රාජු ජීවිතක්ෂයට පත් වූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

පා රංජිත් නමැති ප්‍රසිද්ධ ද්‍රවිඩ සිනමා අධ්‍යක්ෂවරයාගේ නවතම සිනමා පටය තමිල්නාඩුවේ රූගත කිරීම් සිදු වන අතරතුරේ දී මෙම ඛේදවාචකය සිදු වුණා.

අනතුර දැක්වෙන සම්පූර්ණ වීඩියෝව මෙතැනින්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56