වේට්ටුවම් සිනමා පටය රූගතකරණයේ දී ප්‍රසිද්ධ කලාකරුවෙකු ජීවිතක්ෂයට

ද්‍රවිඩ චිත්‍රපට කර්මාන්තයේ ප්‍රවීණ කැමරා ශිල්පියෙකු හා නිෂ්පාදක අධ්‍යක්ෂවරයෙකු වූ එස්. එම්. රාජු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

ඒ මේ දිනවල රූගත කෙරෙමින් තිබෙන වේට්ටුවම් (Vettuvam) චිත්‍රපටයේ රූගත කිරීමක දී සිදු වූ බිහිසුණු මෝටර් රථ අනතුරකට ලක් වෙමින්.

වෙට්ටුවන් චිත්‍රපටයට අවශ්‍ය අධි අවදානම් තත්ත්වයක් පෙන්නුම් කෙරෙන මෝටර් රථයක් පෙරලීමේ අනුපිළිවෙළක රූගත කිරීම් අතරතුර මෙම අනතුර සිදු වුණා.

එහිදී අධික වේගයෙන් ඉදිරියට ධාවනය වූ මෝටර් රථය ඉදිරියෙන් ආ තවත් මෝටර් රථයක ගැටී විසි වී ගොස් පෙරළී විනාශ වී ගියා.

එම ස්ථානයට රූගත කිරීම්වලට සහභාගි වී සිටි පිරිස කඩිනමින් පැමිණිය ද රියදුරු අසුනේ සිටි එස්.එම්. රාජු ජීවිතක්ෂයට පත් වූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

පා රංජිත් නමැති ප්‍රසිද්ධ ද්‍රවිඩ සිනමා අධ්‍යක්ෂවරයාගේ නවතම සිනමා පටය තමිල්නාඩුවේ රූගත කිරීම් සිදු වන අතරතුරේ දී මෙම ඛේදවාචකය සිදු වුණා.

අනතුර දැක්වෙන සම්පූර්ණ වීඩියෝව මෙතැනින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
2
+1
18
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?