ජුනි මස 06 වැනි දින (ඊයේ) සබරගමුව පළාතේ රත්නපුර, ඇඹිලිපිටිය, සීතාවකපුර හා කෑගල්ල පොලිස් කොට්ඨාස තුළ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ, වැඩබලන පොලිස්පතිවරයාගේ මග පෙන්වීම යටතේ සබරගමුව පළාතේ පස්වරු 06 සිට රාත්‍රී 10 තෙක් මෙලෙස විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බවයි.
ඒ අනුව මාර්ග බාධක 32ක දී විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක කරමින් දින විවිධ අපරාධමය චෝදනා සම්බන්ධයෙන් සැකකරුවන් 120 දෙනෙකු පොලිස් අත් අඩංගුවට ගැනුණා.
එහිදී වරෙන්තුකරුවන් 16ක්, විවෘත වරෙන්තුකරුවන් 07 දෙනෙකු, හෙරොයින්, අයිස්, ගංජා, නීතිවිරෝධී මත්ද්‍රව්‍ය පෙරීම් සහ වෙනත් වැරදි හේතුවෙන් අත් අඩංගුවට ගත් පිරිස අතර සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ.
මීට අමතරව බීමත් ව රිය පැදවීමේ වරදට පුද්ගලයින් 19 දෙනෙකු ද පොලිස් අත්අඩංගුවට ගැනුණා.
















