තංගල්ල, පරවිවැල්ල වරායෙන් ධීවර කටයුතු සඳහා ගිය බහුදින ධීවර යාත්‍රාවක් අනතුරට ලක්ව අතුරුදන් වූ ධීවරයින් දෙදෙනාගෙන් එක් ධීවරයෙකුගේ සිරුර සොයාගෙන තිබෙනවා.
මෙම ධීවරයාගේ මළ සිරුර පෙරලුනු ධීවර යාත්‍රාව තුළ තිබී අද (29) පස්වරුවේ සොයාගත් බවයි නාවික හමුදාව සඳහන් කළේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ හම්බන්තොට, පල්ලෙමලල ප්‍රදේශයේ පදිංචිව සිටි ධීවරයෙක්.
මේ අතර මෙම අනතුරින් අතුරුදන්ව සිටින අනෙක් ධීවරයා සොයා තවදුරටත් නාවික හමුදාව මෙහෙයුම් සිදුකරනු ලබනවා.
පරවිවැල්ල වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් ආපසු පැමිණෙමින් සිටිය දී මෙම යාත්‍රාව ඊයේ (28) රාත්‍රියේ ගල් පරයක ගැටී පෙරළී ගොස් මෙම අනතුර සිදුව තිබුණා.
එහිදී යාත්‍රාවේ සිටි ධීවරයින් හයදෙනාගෙන් සිව්දෙනෙකුට ජීවිත බේරාගැනීමට හැකිව තිබෙනවා.
පෙරේදා දින ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය මෙම බහුදින ධීවර යාත්‍රාව හදිසියේම ආපසු ගොඩබිම වෙත පැමිණීමට තීරණය කර ඇත්තේ එහි සිටි ධීවරකුට හෘදයාබාධයක් වැළඳීම හේතුවෙන්.















