‘සිරකරුවෝද මනුෂ්‍යයෝය’ යන පාඨයට සැබෑ අරුතක් ලබාදෙන්නට බන්ධනාගාර තුළ විවිධ ක්‍රමවේද පවතිනවා.
නොහික්මුණු පුද්ගලයෙකු හික්මුණු පුද්ගලයෙකු කරලීමට මෙන්ම බන්ධනාගාර ව්‍යුහයේ පැවැත්ම වෙනුවෙන් බන්ධනාගාරයක් තුළ විශේෂ නීති රීති පද්ධතියක් ද පැවතීම සියලුදෙනා දන්නා කරුණක්.
අද සර්චි ලයිට් අනාවරණය කරන්නේ කුරුවිට බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් පිරිසක් පවතින නීතියෙන් පරිබාහිරව සංගීත ප්‍රසංගයක් සඳහා නළඟනන් ලෙස යොදාගත් බවට බන්ධනාගාරය අභ්‍යන්තරයෙන්ම සිදුකරන චෝදනාවක් පිළිබදවයි.













