සෙව්වන්දි රටින් පැන්න බවට සිරස්තලයක් ලියූ මාධ්‍යවේදියෙකුට ප්‍රකාශයක් ලබාදෙන ලෙසට කැඳවීමක්

ගණේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනීමට සොයන නීතිඥවරියක වෙසින් උසාවි භූමියට පැමිණ සිටි ඉෂාරා සෙව්වන්දි රටින් පිට වූ බවට පළ වූ ලිපියක් මත ප්‍රශ්න කිරීම සඳහා රජයේ ප්‍රසිද්ධ පුවත්පතක කතුවරයෙකු සහ මාධ්‍යවේදියෙකු යන අයට කොළඹ දිසා අපරාධ කොට්ඨාසයට ප්‍රකාශයක් ලබා දෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි නියෝග කර තිබෙනවා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන බී39368//01/2025 නඩුවේ නියෝගයකට අනුව කොළඹ අපරාධ කොට්ඨාසය කර ඇති කරුණු වාර්තා කිරීමක් මත ජුනි 16 වැනිදා මෙම නියෝගය නිකුත් කර තිබුණා.

”පොලිස් ඇස වසා ඉෂාරා සෙව්වන්දි තීනියාවලින් ඩුබායි පැන්න හැටි‘’ යන සිරස්තලය යටතේ එම ලිපිය පළ කර තිබෙනවා.

පෙබරවාරි 19 වැනිදා කොළඹ අලුත්කඩේ අංක 05 අධිකරණ ශාලාවේදී සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීවගේ ඝාතනය සම්බන්ධයෙන් කොළඹ දිසා අධිකරණ කොට්ඨාසය විමර්ශනයක් සිදු කරගෙන යන බවත්, ඒ මත කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා අධිකරණයට කරුණු වාර්තා කළ බවත් එම නියෝගයේ වැඩිදුරටත් සඳහන් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
16
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?