සෙව්වන්දි රටින් පැන්න බවට සිරස්තලයක් ලියූ මාධ්‍යවේදියෙකුට ප්‍රකාශයක් ලබාදෙන ලෙසට කැඳවීමක්

ගණේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනීමට සොයන නීතිඥවරියක වෙසින් උසාවි භූමියට පැමිණ සිටි ඉෂාරා සෙව්වන්දි රටින් පිට වූ බවට පළ වූ ලිපියක් මත ප්‍රශ්න කිරීම සඳහා රජයේ ප්‍රසිද්ධ පුවත්පතක කතුවරයෙකු සහ මාධ්‍යවේදියෙකු යන අයට කොළඹ දිසා අපරාධ කොට්ඨාසයට ප්‍රකාශයක් ලබා දෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි නියෝග කර තිබෙනවා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන බී39368//01/2025 නඩුවේ නියෝගයකට අනුව කොළඹ අපරාධ කොට්ඨාසය කර ඇති කරුණු වාර්තා කිරීමක් මත ජුනි 16 වැනිදා මෙම නියෝගය නිකුත් කර තිබුණා.

”පොලිස් ඇස වසා ඉෂාරා සෙව්වන්දි තීනියාවලින් ඩුබායි පැන්න හැටි‘’ යන සිරස්තලය යටතේ එම ලිපිය පළ කර තිබෙනවා.

පෙබරවාරි 19 වැනිදා කොළඹ අලුත්කඩේ අංක 05 අධිකරණ ශාලාවේදී සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීවගේ ඝාතනය සම්බන්ධයෙන් කොළඹ දිසා අධිකරණ කොට්ඨාසය විමර්ශනයක් සිදු කරගෙන යන බවත්, ඒ මත කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා අධිකරණයට කරුණු වාර්තා කළ බවත් එම නියෝගයේ වැඩිදුරටත් සඳහන් වනවා.

  1. අනිවාර්යයෙන්ම මෙහි සත්‍යතාවය සොයා යන්න .රට නිවරැදි දිසාවකට ගමන් කරන මේ මොහොතේ ,නිවරැදි පුවත් රටේ ජනතාවට ලැබිය යුතුයි .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46