කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත අද (20) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන්  සම්මත විය.

පනත් කෙටුම්පත තුන්වැනි වර කියවීමේ දී ඊට පක්ෂව ඡන්ද 149ක් හිමිවූ අතර විරුද්ධව හිමි වූ ඡන්ද සංඛ්‍යාව 58කි.

පනතට පක්ෂව ආණ්ඩුවේ සියලුම පක්ෂ ඡන්දය ප්‍රකාශ කළ අතර විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේ සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය සහ දෙමළ ජාතික සන්ධානයයි. 

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත විවාදයේ දෙවන දිනය වූ අද විවාදය ආරම්භ කළේ සමගි ජන බලවේගයේ මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතාය.

විවාදය අවසන්වීමෙන් පසුව ඊට ඡන්ද විමසීමක් අවශ්‍යද යන්න අද පස්වරුවේ කථානායකවරයා සභාවෙන් විමසා සිටියේය.

එහිදී ප්‍රධාන විපක්ෂය වන සමගි ජනබලවේගය ඡන්ද විමසීමක් අවශ්‍ය නොවන බව පැවසු නමුත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ඡන්ද විමසීමක් ඉල්ලා සිටියේය.

ඒ අනුව පනත් කෙටුම්පත දෙවන වර කියවීම ඡන්ද විමසීමේ දී පනතට පක්ෂව ඡන්ද 148ක් හිමි වූ අතර විරුද්ධව ඡන්ද 59 ක් හිමිවිය.

පනතට පක්ෂව ආණ්ඩුවේ සියලුම පක්ෂ ඡන්දය ප්‍රකාශ කළ අතර විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේ සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය සහ දෙමළ ජාතික සන්ධානයයි. 

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරයෙකු වන ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා අද ඡන්ද විමසුමට සහභාගී නොවීම විශේෂත්වයකි.

පසුව දෙවන වර කියවීමේ ඡන්ද විමසීම සම්මතවීමෙන් අනතුරුව කාරක සභා අවස්ථාවේදි ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් උපදෙස්වලට අනුව සංශෝධන ඉදිරිපත් කරනු ලැබිය.

එහිදි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පනත් කෙටුම්පතට සංශෝධන කිහිපයක් ඉදිරිපත් කළ නමුත් ඊට ආණ්ඩුව එකඟ වූයේ නැහැ.

ඒ අනුව හර්ෂ ද සිල්වා මන්ත්‍රිවරයාගේ යෝජනා වෙනුවෙන් ඡන්ද විමසීම් තුනක් පැවති අතර එහිදී එම යෝජනා පරාජයට පත්විය.

කාරක සභා අවස්ථාවෙන් පසුව තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම පැවති අතර එහිදි පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 149ක් සහ විරුද්ධ ඡන්ද 58ක් හිමිවිය. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ හිමි ආණ්ඩුවට ගැමි උපකරණ ගැන Review එකක් දෙයි.."මෙන්න හුන්ඩුව..තවමත් හුන්ඩු මානසිකත්වයේනේ"
03:51
Video thumbnail
හුන්ඩුව නිසා විමල්ට නහුතෙටම තදවෙයි..විපක්ෂයේ ගොබිලයොන්ට මේක තේරෙන්නේ නෑ
05:09
Video thumbnail
නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ චිමිනියකින් විශාල කළු දුමාරයක්
00:09
Video thumbnail
හෙක්ටර් පාර්ලිමේන්තුවේ කළ ප්‍රබල හෙළිදරව්ව..කල්පිටිය ප්‍රදේශයම කළු දුමාරයකින් වැහිලා ගිහින්
02:31
Video thumbnail
ලංකාවට කාටවත් කිසිම බලපෑමක් කරන්න බෑ..නාවික හමුදාව ජාත්‍යන්තර නීතිය අකුරට පිළිපැදලා තියෙන්නේ..
06:17
Video thumbnail
"ලි#ගික අල්ලස් නොදුන් නිසා කාන්තාවක් හිරේට දාලා"රෝහිණී පාර්ලිමේන්තුවම දෙවනත් කරයි
12:41
Video thumbnail
මැදපෙරදිග යුධ උණුසුම ශ්‍රී ලංකාවටත් - කමේනිගේ අනුප්‍රාප්තිකයා අවධානමක
04:28
Video thumbnail
මිනිස්සු රට යවනවා යැයි පොල්ල තිබ්බ කුරුණෑගල ඒජන්සියක පැටිකිරිය හෙළිවෙයි.. අපිව මුලා කළා
04:21
Video thumbnail
ඉන්දියානු සාගරයේ සාමය වෙනුවෙන් හැමදේම කරනවා..නෞකාව ගැන තොරතුරු ලැබුණ හැටි නලින්ද හෙළිකරයි
06:26
Video thumbnail
හිටපු ජනපති රනිල් කමේනිට ශෝකය පල කරන්න ඉරාන තානාපති කාර්යාලයට
02:33