වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අයත් භාවිතා කළ වාහන විකිණීම සඳහා සුදුසුකම්ලත් ටෙන්ඩර්කරුවන්ගෙන් මුද්‍රා තබන ලද මිල ගණන් කැඳවන බවට නිවේදනය කර තිබෙනවා.
මෙම විකිණීම සඳහා වෙන් කළ වාහන නිරීක්ෂණය කිරීම සඳහා පසුගිය සතියේ දී වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න සහ අමාත්‍යාංශ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති යන මහත්වරුන් ද පැමිණියා.
මෙම වාහන විකිණීමේ ගොන්නට සුඛෝපභෝගී වාහන 16ක්, අනෙකුත් වාහන 03ක් හා අබලි වාහන 03ක් ඇතුළත්.
ටෙන්ඩරයට සහභාගී වීමට සුදුසුකම් ලබන්නේ ශ්‍රී ලාංකික පුරවැසියන් හෝ ශ්‍රී ලංකාවේ ලියාපදිංචි සමාගම් හෝ සංවිධාන පමණක් බව ද අමාත්‍යාංශ නිවේදනයේ දැක්වෙනවා.
ජාතික හැඳුනුම්පතේ (NIC) හෝ සමාගමේ හෝ සංවිධානයේ ලියාපදිංචි සහතිකයේ සහතික කළ පිටපතක් ටෙන්ඩර් ඉදිරිපත් කිරීමට අමුණා තිබිය යුතුයි.
මේ සඳහා උනන්දුවක් දක්වන ටෙන්ඩර්කරුවන්ට දූරකථන අංක 011 -2186076 වෙත අමතා ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (පාලන) හෝ ප්‍රවාහන නිලධාරී අමතා මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර ලබා ගත හැකියි.
අද (16) දින සිට 2025 ජුලි මස 07 දින දක්වා කාර්යාල දිනයන්හි දී පෙව 10.00 සිට පව 1.00 දක්වා එකී වාහන පරීක්ෂා කර බැලිය හැකි බවත් සඳහන්.









