රජයට අයත් වාහන තොගයක් විකිණීමට ටෙන්ඩර් කැඳවයි (ඡායාරූප)

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අයත් භාවිතා කළ වාහන විකිණීම සඳහා සුදුසුකම්ලත් ටෙන්ඩර්කරුවන්ගෙන් මුද්‍රා තබන ලද මිල ගණන් කැඳවන බවට නිවේදනය කර තිබෙනවා.

මෙම විකිණීම සඳහා වෙන් කළ වාහන නිරීක්ෂණය කිරීම සඳහා පසුගිය සතියේ දී වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න සහ අමාත්‍යාංශ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති යන මහත්වරුන් ද පැමිණියා.

මෙම වාහන විකිණීමේ ගොන්නට සුඛෝපභෝගී වාහන 16ක්, අනෙකුත් වාහන 03ක් හා අබලි වාහන 03ක් ඇතුළත්.

ටෙන්ඩරයට සහභාගී වීමට සුදුසුකම් ලබන්නේ ශ්‍රී ලාංකික පුරවැසියන් හෝ ශ්‍රී ලංකාවේ ලියාපදිංචි සමාගම් හෝ සංවිධාන පමණක් බව ද අමාත්‍යාංශ නිවේදනයේ දැක්වෙනවා.

ජාතික හැඳුනුම්පතේ (NIC) හෝ සමාගමේ හෝ සංවිධානයේ ලියාපදිංචි සහතිකයේ සහතික කළ පිටපතක් ටෙන්ඩර් ඉදිරිපත් කිරීමට අමුණා තිබිය යුතුයි.

මේ සඳහා උනන්දුවක් දක්වන ටෙන්ඩර්කරුවන්ට දූරකථන අංක 011 -2186076 වෙත අමතා ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (පාලන) හෝ ප්‍රවාහන නිලධාරී අමතා මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර ලබා ගත හැකියි.

අද (16) දින සිට 2025 ජුලි මස 07 දින දක්වා කාර්යාල දිනයන්හි දී පෙව 10.00 සිට පව 1.00 දක්වා එකී වාහන පරීක්ෂා කර බැලිය හැකි බවත් සඳහන්.

20250529 101315 scaled
0T0A0715 2 scaled
0T0A0507 2 scaled


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නිකවැරටිය ජන රැලිය
00:00
Video thumbnail
අනුර ලවා මහින්දගෙන් පළිගන්නවා - අනුරගේ ආණ්ඩුව සුද්දගේ ආණ්ඩුවට වඩා නරකයි
06:53
Video thumbnail
ඥානසාර හිමියන් නිදහස් කරන්න කියලා පානදුර මිනිස්සු අත්සන් තබයි
00:47
Video thumbnail
ජනාධිපතිතුමා, ඔයා බබා - සිවුරක් ගලවලා මුළු රටම කැලඹිලා
02:06
Video thumbnail
ලයිසන් එක ඉල්ලුවාම මට ග#න්න එනවා - මට ඕනේ මගේ ලයිසන් එක
02:13
Video thumbnail
සුඛෝපභෝගී බස් රථයක් මහ පාරේ ගිනිගෙන අළුවෙයි
01:43
Video thumbnail
සිවුර ගැලවීමට විරුද්ධව භික්ෂූන් වහන්සේලා විරෝධතා පාගමනක
01:22
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් මහා සංඝරත්නය පාරට බහී
03:53
Video thumbnail
වැඩබලන අටමස්ථානාධිපති බැහැදකින්න අගමැතිතුමිය එක්ක වසන්තත් යයි
02:02
Video thumbnail
බොරු පැමිණිලි ඇත්ත කරන්න ආණ්ඩුව රාජ්‍ය බලය පාවිච්චි කරනවා
05:38