මෙම වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 25,055ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රසිලා සමරවීර පවසනවා.
එමෙන්ම ඩෙංගු මරණ 13ක් ද මේ දක්වා වාර්තා වී ඇති බවයි වෛද්‍යවරිය පැවසුවේ.
වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක තුළින් වාර්තා වන අතර, වැසි තත්ත්වය සමඟ මදුරු ඝනත්වය වැඩි වී ඇති බවයි ඇය සඳහන් කළේ.
වෛද්‍යවරිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ සෑම වසරකම වාර්තාවන ඩෙංගු ආසාදිතයින්ගෙන් 25%ක් පාසල් දරුවන් බවයි.
එමෙන්ම පසුගිය වසර 10ක කාලය පුරාම මැයි, ජුනි සහ ජුලි මාසවල ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් පෙන්නුම් කරන බවත් ඇය සඳහන් කර සිටියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
1
+1
+1





