2024 T-20 ලෝක කුසලානයේ තෑගි මුදල් තවමත් බෙදලා නෑ – ඕමාන් ක්‍රීඩකයින්ට අසාධාරණයක්

2024 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානය ක්‍රිකට් තරගාවලිය අවසන් වී වසරකට ආසන්න කාලයක් ගතවී ඇතත් ඕමාන් ක්‍රීඩකයින්ට හිමි වූ ත්‍යාග මුදල තවමත් ඔවුන් අතරේ බෙදා දී නොමැති බව එම ක්‍රීඩකයින් පවසනවා.

එම ක්‍රීඩකයින් පවසන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඇමරිකානු ඩොලර් 225,000ක ත්‍යාග මුදල ඕමාන් ක්‍රිකට් ආයතනය වෙත ලබාදී ඇති නමුත් තවමත් එම ත්‍යාග මුදලින් ක්‍රීඩකයින්ට ලැබිය යුතු මුදල් බෙදා දී නොමැති බවයි.

ඔවුන් පවසන්නේ අයි.සී.සී හි සහභාගීත්ව නියමයන් යටතේ, සියලුම ත්‍යාග මුදල් තරගාවලිය අවසන් වී දින 21ක් ඇතුළත ක්‍රිකට් පාලක මණ්ඩල හරහා සංචිතයට ගෙවිය යුතු බවයි.

මේ අතර ඕමාන් ක්‍රිකට් සමඟ ඇති වූ දරුණු සහ තවමත් විසඳා නොමැති වැටුප් ආරවුලෙන් පසු එම සංචිතය නියෝජනය කළ ඇතැම් ක්‍රීඩකයින් ඕමානයෙන් පිටව ගොස් ඇති බව ද වාර්තා වනවා.

“මේ ප්‍රශ්නය නිසා අපේ ජීවිත උඩු යටිකුරු වෙලා; කණ්ඩායමේ අපේ ස්ථානය අපිට අහිමි වෙලා, අපේ කොන්ත්‍රාත්තු ඉරා දාලා, අපිට රටින් යන්න සිද්ධ වෙලා” යනුවෙන් ඕමාන් ක්‍රිකට් කණ්ඩායමේ කාශ්‍යප් ප්‍රජාපති මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රභාටත් බැරිවුණ එක ඔයාලා කරලා දුන්නා - අපිට මාර සතුටුයි
04:05
Video thumbnail
ගිංගගේ පාවෙමින් තිබියදි නාඳුනන පිරිමි නිසල සිරුරක් හමුවෙයි - මෙන්න එහි දර්ශන
00:37
Video thumbnail
සුවිප් ටිකට් ඇදිලා බලයට ආ කල්ලතෝනීන්ට අරහත් ධජය නවත්තන්න බෑ - ගින්දර අළුයට හැංඟිලා තියෙන්නේ
05:53
Video thumbnail
අජිත් පී පෙරේරා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
12:11
Video thumbnail
ජනාධිපති සමඟ සාකච්ඡාවට මහනායක හිමිවරුන් පැමිණෙන අයුරු - වාහන ටික පෝළිමට එන හැටි
02:33
Video thumbnail
ශිරන්ති බලන්න මහින්ද වැලිකඩට
00:19
Video thumbnail
ශිරන්තිව බලන්න දයාසිරිත් වැලිකඩට - මේ රටට වැඩ කරපු මිනිස්සු
01:17
Video thumbnail
අනේ මහත්තයෝ..දෙයියන්ගේ නාමයෙන් විශ්‍රාම යන්න - මේ පච කියන්නේ සේවා දිගු මස් කට්ට ගන්න ?
01:45
Video thumbnail
මුජිබුර්ගේ කතාව නිසා අගමැතිනිට රතු කට්ට පනී
13:01
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12