ව්‍යාජ ලෙස නිපද වූ හිසකෙස් වර්ණක අලෙවි කළ වෙළඳුන්ට නඩු

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් ඉකුත් අප්‍රේල් මාසයේ සිදු කළ විමර්ශනයක දී නීතියේ රැහැනට හසුකර ගත් ව්‍යාජ ලෙස නිෂ්පාදිත හිසකෙස් වර්ණක ග්‍රෑම් 10 බැගින් වන ඇසුරුම් ගබඩා කිරීම හා බෙදාහැරීම සිදුකළ වැල්ලම්පිටිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් දෙදෙනෙකුට එරෙහිව මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී නඩු පවරා තිබෙනවා.

මෙහිදී එම භාණ්ඩ අලෙවිය සඳහා ගබඩා කරන ලද පිටකොටුව ප්‍රදේශයේ වෙළෙඳසැලකට ද නඩු පවරා ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර එම ව්‍යාජ නිෂ්පාදන අලෙවිය සඳහා ගබඩා කිරීම සිදු කරන ලද වැල්ලම්පිටිය පදිංචි පුද්ගලයා සහ බෙදාහැරීම සිදු කරන ලද කොළඹ 14 පදිංචි පුද්ගලයා සිය වරද පිළිගැනීමෙන් පසුව චෝදනා 4ක් සඳහා රුපියල් 7,500 බැගින් රුපියල් 30,000ක දඩ මුදලක් අධිකරණය මගින් නියම කරනු ලැබුවා.

අදාළ නිෂ්පාදන විකිණීම සඳහා බෙදාහැරීම සිදු කරන ලද කොළඹ 14 පදිංචි පුද්ගලයාට ඉහත දඩ මුදලට අමතරව බරපතළ වැඩ සහිතව මාස 6ක සිර දඬුවම් නියම කළ අධිකරණය, එම සිරදඬුවම වසර 5කට අත්හිටුවා තිබෙනවා.

එමෙන්ම අදාළ භාණ්ඩ අලෙවිය සඳහා ගබඩා කරන ලද කොළඹ 12 පිහිටි අදාළ ආයතනය ද එම වරද පිළිගැනීමෙන් පසු රුපියල් 7,500ක දඩ මුදලක් අධිකරණය විසින් නියම කර තිබෙනවා.

මෙම හිසකෙස් වර්ණක වෙළෙඳනාමය සඳහා නීතිමය අයිතිය ඇති ආයතනය විසින් ග්‍රෑම් 21 බැගින් වන ඇසුරුම් ලෙස තම නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කරනු ලබනවා.

එහෙයින් තරග විරෝධී ලෙස සහ පාරිභෝගිකයා නොමග යවමින් සත්‍ය නිෂ්පාදකයාගේ තොරතුරු ද සහිතව ව්‍යාජ නිෂ්පාදකයා විසින් වෙළෙඳපොළට නිකුත්කර තිබෙන ග්‍රෑම් 10 බැගින් වන ඇසුරුම් වෙළෙඳපොළේ අලෙවි කිරීමට තිබේ නම්, ඒවා ඉවත්කරගන්නා ලෙස ව්‍යාපාරිකයන් දැනුම්වත් කර සිටියා.

එමෙන්ම එවැනි ව්‍යාජ නිෂ්පාදන මිල දී ගැනීමෙන් වළකින ලෙස ද පාරිභෝගිකයන් දැනුම්වත් කළා.

තවදුරටත් එවැනි ව්‍යාජ නිෂ්පාදන අලෙවිකරණ වෙළදුන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට ද නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58