ඌන උපයෝජිත ඉඩම්, දේපළ සුදුසු ආයෝජකයන්ට ලබාදීමට අනුමැතිය

රජයට අයත් ඌන උපයෝජිත ඉඩම් සහ එම ඉඩම්වල යෝග්‍යතාව හඳුනාගෙන, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් ඇතුළත් පුද්ගලික ආයෝජන සඳහා යොමු කිරීමේ මූලික කටයුතු වෙනුවෙන් 2025 අයවැය මඟින් රුපියල් මිලියන 250ක ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා.

ඒ, අනුව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය සහ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය එක්ව ව්‍යාපෘති යෝජනාවක් සකස් කරනු ලැබ තිබෙනවා.

එම යෝජනාව අනුව එම අමාත්‍යාංශ දෙක යටතේ පවතින ආයතනවල නිරවුල්, ඌන උපයෝජිත ඉඩම්/දේපළ, වැවිලි හා කෘෂිකාර්මික කටයුතු, වැවිලි ආශ්‍රිත සංචාරක ප්‍රවර්ධන කටයුතු, පශු සම්පත් සංවර්ධනය, ජල විදුලිබල උත්පාදනය, සූර්ය බලශක්ති උත්පාදනය, කර්මාන්තශාලා ආශ්‍රිත නිෂ්පාදන කටයුතු, මිරිදිය මත්ස්‍ය කර්මාන්තය හා වෙනත් වැවිලි ආශ්‍රිත ආර්ථික නවෝත්පාදන කටයුතු යන ක්ෂේත්‍ර යටතේ ආයෝජන අවස්ථා සඳහා ලබාදීමට අපේක්ෂා කරනු ලබනවා.

ඒ, අනුව යෝජිත ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඉදිරි කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?