අභියාචනයේ පිහිටෙන් ට්‍රම්ප්ගේ තීරුබදු පැනවීම යළි සක්‍රීය වෙයි

අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද තීරුබදුවලට එරෙහිව එරට ෆෙඩරල් අධිකරණයකින් පැනවූ වාරණය අබිබවා යමින්, ෆෙඩරල් අභියාචනාධිකරණයෙන් එම තීරුබදු යළිත් ස්ථාපිත කර තිබෙනවා.

අල්-ජසීරා පුවත් සේවය වාර්තා කළේ, ඊයේ දිනයේ දී ට්‍රම්ප්ගේ පරිපාලනය විසින් ෆෙඩරල් අධිකරණ නියෝගයට එරෙහිව අභියාචනයක් පැනවූ බවයි.

වෙළඳ අධිකරණයක් ජනාධිපතිවරයාට ලබා දී ඇති බලතල ඉක්මවා ගිය බවට තීන්දුවක් ලබා දීමෙන් දිනකට පසු ෆෙඩරල් අභියාචනාධිකරණයක් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු තාවකාලිකව නැවත ස්ථාපිත කර තිබෙනවා.

ෆෙඩරල් අභියාචනාධිකරණය ට්‍රම්ප් පරිපාලනයෙන් හදිසි යෝජනාවක් ලබාදෙමින්, තීරුබදු නැවැත්වීම “රටේ ජාතික ආරක්ෂාවට ඉතා වැදගත්” බව තර්ක කෙරුණා.

ධවල මන්දිරය විසින් අධිකරණ තීන්දුව අගය කර ඇති බවත් වාර්තා වනවා.

කෙසේවෙතත් මෙවන් තත්ත්වයක් යටතේ ජාතික ණය පියවීමට වඩා ජාතික හදිසි අවස්ථා ගැටළු විසඳීම සඳහා සාමාන්‍යයෙන් භාවිතා කරන ජාත්‍යන්තර හදිසි ආර්ථික බලතල පනත (IEEPA) යටතේ නිකුත් කරන ලද තීරුබදු, සීමාව ඉක්මවා යන බව ජාත්‍යන්තර වෙළඳ අධිකරණය පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
3
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?