අභියාචනයේ පිහිටෙන් ට්‍රම්ප්ගේ තීරුබදු පැනවීම යළි සක්‍රීය වෙයි

අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද තීරුබදුවලට එරෙහිව එරට ෆෙඩරල් අධිකරණයකින් පැනවූ වාරණය අබිබවා යමින්, ෆෙඩරල් අභියාචනාධිකරණයෙන් එම තීරුබදු යළිත් ස්ථාපිත කර තිබෙනවා.

අල්-ජසීරා පුවත් සේවය වාර්තා කළේ, ඊයේ දිනයේ දී ට්‍රම්ප්ගේ පරිපාලනය විසින් ෆෙඩරල් අධිකරණ නියෝගයට එරෙහිව අභියාචනයක් පැනවූ බවයි.

වෙළඳ අධිකරණයක් ජනාධිපතිවරයාට ලබා දී ඇති බලතල ඉක්මවා ගිය බවට තීන්දුවක් ලබා දීමෙන් දිනකට පසු ෆෙඩරල් අභියාචනාධිකරණයක් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු තාවකාලිකව නැවත ස්ථාපිත කර තිබෙනවා.

ෆෙඩරල් අභියාචනාධිකරණය ට්‍රම්ප් පරිපාලනයෙන් හදිසි යෝජනාවක් ලබාදෙමින්, තීරුබදු නැවැත්වීම “රටේ ජාතික ආරක්ෂාවට ඉතා වැදගත්” බව තර්ක කෙරුණා.

ධවල මන්දිරය විසින් අධිකරණ තීන්දුව අගය කර ඇති බවත් වාර්තා වනවා.

කෙසේවෙතත් මෙවන් තත්ත්වයක් යටතේ ජාතික ණය පියවීමට වඩා ජාතික හදිසි අවස්ථා ගැටළු විසඳීම සඳහා සාමාන්‍යයෙන් භාවිතා කරන ජාත්‍යන්තර හදිසි ආර්ථික බලතල පනත (IEEPA) යටතේ නිකුත් කරන ලද තීරුබදු, සීමාව ඉක්මවා යන බව ජාත්‍යන්තර වෙළඳ අධිකරණය පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාස්කුවේ විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස්
00:43
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ
01:30
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?
01:31
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ - දැන් දේවාලයට වදින්න පුළුවන් වෙයි
02:23
Video thumbnail
විපක්ෂය දුර්වලයි කියද්දි රෝහණට යකා නැග්ගද ?එයාලා එක්ක ග#ගන්නද කියන්නේ ?
02:56
Video thumbnail
ලෝකය දකින නායකයෙක් සජිත් කියන්නේ - ආතල් එකට බොරු කියලා චූන් කරන්නේ නෑ
02:53
Video thumbnail
කටට එන දෙයක් කියන නායකයෙක් බවට ජනාධිපති පත්වෙලා.. කතාවලට වැලිව් එකක් නෑ
02:06
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?රෝහණගෙන් ප්‍රබල හෙළිදරව්වක්
02:12
Video thumbnail
සජබය පාරේ විරෝධතාවයක් තියෙන්නේ පාර්ලිමේන්තුවේ බලය නැති නිසාද ?
03:40
Video thumbnail
වැරදි කරපු අය ආවේ නැති වුණාට කමක් නෑ..අපේ ගොඩට ගන්න සූදානම් නෑ
03:22