කොවිඩ් මරණ අතරේ සිදුවන ඔක්සිජන් ප්‍රෝඩාව

ඉන්දියාව මේ වන විට මාරාන්තික කොරෝනා දෙවැනි රැල්ල සමගින් පොර බදමින් සිටින අතර සෞඛ්‍ය සේවා පද්ධතිය දැඩි පීඩනයකට ලක්ව තිබෙනවා.

මේ අතර ඉතා කඩිනමින් වෛද්‍ය ප්‍ර‍තිකාර අවශ්‍ය මට්ටමේ සිටින බරපතල රෝගීහු තමන්ට අවශ්‍ය ප්‍ර‍තිකාර ලබාගැනීමේ දුෂ්කරතා හේතුවෙන් විවිධ වූ විකල්ප ප්‍ර‍තිකාර ක්‍ර‍ම කෙරෙහි යොමු වෙමින් සිටිනවා.

අන්තර්ජාලය ඔස්සේ සැරිසරන යම් තොරතුරු හේතුවෙන් ඇතැම් පුද්ගලයින් ඉතා අනතුරුදායක ලෙස නොමග යවන සුලු තත්ත්වයට පත්කර තිබුණා..

උදාහරණයක් වශයෙන්, නිෂ්ඵල වූ ගෘහස්ථ ක්‍ර‍මවේද මගින් ඔක්සිජන් මට්ටම ඉහළ නංවාගත හැකි බව එම තොරතුරුවලින් කියැවෙනවා.

මුළු මහත් දේශය පුරා ඔක්සිජන් සැපයුම වෙනුවෙන් ඉතා ඉහළ ඉල්ලුමක් මේ වන විට පැන නැගී ඇති අතර, ශ්වසන පද්ධතිය ආශ්‍රිත ගැටලුවලදී වෛද්‍යවරුන් අදාළ ඖෂධ රෝගියාට ලබා දීමට යොදාගන්නා ‘නෙබියුලයිසර්’ ලෙසින් හඳුන්වන කුඩා උපකරණයක්, ඔක්සිජන් සිලින්ඩරය වෙනුවට භාවිත කළ හැකි බවට වෛද්‍යවරයකු කරන ප්‍ර‍කාශයක් ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.

dsgsdg 9

ෆේස්බුක්, ට්විටර් සහ වට්ස්ඇප් ඔස්සේ සංසරණය වූ එම වීඩියෝවෙහි අන්තර්ගත වූ පරිදි අදාළ වෛද්‍යවරයා එම උපකරණය භාවිත කළ යුතු ආකාරය පෙන්වා දෙමින් හින්දි භාෂාවෙන් ප්‍ර‍කාශ කරන්නේ “මේ මගින් (නෙබියුලයිසර් උපකරණය) සැපයීමට තරම් ප්‍ර‍මාණවත් ඔක්සිජන් අපගේ වටපිටාවෙහි තිබෙනවා” යනුවෙනුයි.

එම වීඩියෝ පටයේ ඔහු වැඩිදුරටත් පවසන්නේ “ඔබට අවශ්‍ය වන්නේ නෙබියුලයිසරයක් පමණයි. එමගින් ඔබට අවශ්‍ය ඔක්සිජන් ඇදගත හැකියි” යනුවෙනුයි.

ඔහුගේ ප්‍ර‍කාශනය ඇතුළත් පළකිරීමේ දැක්වෙන නවදිල්ලි නගරය ආසන්නයේ පිහිටා ඇති රෝහල, අදාළ වීඩියෝ පටයේ වගකීම භාර නොගනිමින් පෙන්වා දුන්නේ මෙම නෙබියුලයිසර් උපකරණය භාවිත කිරීම “සාක්ෂි හෝ විද්‍යාත්මක අධ්‍යයන” මගින් සනාථ කර නොමැති බවයි.

එසේම අමතර ඔක්සිජන් සැපයීම කෙරෙහි මෙම ක්‍ර‍මවේදය සම්පූර්ණයෙන්ම ප්‍ර‍තිඵල රහිත බව වෙනත් වෛද්‍ය වෘත්තිකයින් ද පෙන්වා දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14
Video thumbnail
අනේ හාමුදුරුවනේ අමු පචකාරයෝ ඉන්නේ - පොඩි ළමයිනේ..ගිණුම හොයාගන්න බැරි බබාලා
11:47
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12