ගනේමුල්ල සංජීවගේ වෙඩික්කරු යැයි සැලකෙන සමිඳු දිල්ෂාන් ජුනි 04 තෙක් රිමාන්ඩ් (වීඩියෝ)

පසුගිය පෙබරවාරි මස 19 වැනි දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තුළ දී ඝාතනයට ලක් වූ ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයෙකු යැයි කියන ගනේමුල්ල සංජීව හෙවත් සංජීව කුමාර සමරරත්න නමැත්තාට වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන වෙඩික්කරු යැයි පැවසෙන සැකකරු ව ජුනි මස 04 වැනි දින තෙක් යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි නියෝග කළා.

අද (21) දහවල් ප්‍රධාන වෙඩික්කරු යැයි සැලකෙන සමිඳු දිල්ෂාන් පියුමංග නමැත්තාව සහ ඔහුට අපරාධය කිරීමෙන් පසු ව පලා යාමට සහාය දුන් වෑන් රථයේ රියදුරු වන මහේෂ් සම්පත් නමැත්තාව මහේස්ත්‍රාත්වරියගේ නිල මැදිරියේ දී අධිකරණයට ඉදිරිපත් කිරීමේදියි මෙම නියෝගය ලබා දුන්නේ.

මීට අමතර ව අපරාධයට ආධාර අනුබල දුන් වෑන් රථයේ රියදුරු මේ මස 23 වැනි දින තෙක් රිමාන්ඩ් භාරයට පත් කිරීමට ද නියෝග කෙරුණා.

එමෙන්ම සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ තම සේවාදායකයින්ට බන්ධනාගාරය තුළ ආරක්ෂාව ලබාදීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි.

එහිදී මහේස්ත්‍රාත්වරිය විසින් බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළේ අදාළ සැකකරුවන් හට බන්ධනාගාරය තුළ අවශ්‍ය ආරක්ෂාව තර කරන ලෙසටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32