Update – මෙක්සිකානු නැවක් බෘක්ලින් පාලමේ ගැටී සිදු වූ අනතුරින් දෙදෙනෙක් මරුට

මෙක්සිකානු නාවික හමුදා පුහුණු නෞකාවක් නිව්යෝර්ක් හි බෘක්ලින් පාලමේ ගැටීමෙන් සිදු වූ අනතුරින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

නිව්යෝර්ක් නගරාධිපති එරික් ඇඩම්ස් තහවුරු කළේ මෙම අනතුරින් 19 දෙනෙකු තුවාල ලබා ඇති බවත් ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි.

මෙක්සිකානු නාවික හමුදාවට අනුව අඩි 297ක් දිගකින් සහ අඩි 40ක පළලින් යුත් මෙම නෞකාව 1982 දී පළමු වරට යාත්‍රා කර තිබෙනවා.

මෙම නෞකාව ගෝලීය සුහද සංචාරයක යෙදී සිටින අතර තුර අමෙරිකා එක්සත් ජනපදයට පැමිණි අවස්ථාවේ සෙනසුරාදා රාත්‍රියේ මෙම අනතුරට ලක්ව තිබුණා.

මෙම වසරේ එය අප්‍රේල් 06 වන දින මෙක්සිකානු ඇකපුල්කෝ වරායෙන් පිටත් වූ මෙම නෞකාවේ අවසාන ගමනාන්තය අයිස්ලන්තය බවයි වාර්තා වන්නේ.

අනතුරින් පසු බෘක්ලින් පාලම තාවකාලිකව වසා දැමීමට කටයුතු කළ අතර, මේ වනවිට එය නැවත විවෘත කර තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ දී නෞකාව තුළ කාර්යමණ්ඩල 277 දෙනෙකු සිට ඇති බවයි වාර්තා වන්නේ.

නිව්යෝර්ක් නගරාධිපති එරික් ඇඩම්ස් පැවසුවේ නෞකාවේ “බලය නැති වී” එය මෙලෙස පාලමේ ගැටුණු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38