Update – මෙක්සිකානු නැවක් බෘක්ලින් පාලමේ ගැටී සිදු වූ අනතුරින් දෙදෙනෙක් මරුට

මෙක්සිකානු නාවික හමුදා පුහුණු නෞකාවක් නිව්යෝර්ක් හි බෘක්ලින් පාලමේ ගැටීමෙන් සිදු වූ අනතුරින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

නිව්යෝර්ක් නගරාධිපති එරික් ඇඩම්ස් තහවුරු කළේ මෙම අනතුරින් 19 දෙනෙකු තුවාල ලබා ඇති බවත් ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි.

මෙක්සිකානු නාවික හමුදාවට අනුව අඩි 297ක් දිගකින් සහ අඩි 40ක පළලින් යුත් මෙම නෞකාව 1982 දී පළමු වරට යාත්‍රා කර තිබෙනවා.

මෙම නෞකාව ගෝලීය සුහද සංචාරයක යෙදී සිටින අතර තුර අමෙරිකා එක්සත් ජනපදයට පැමිණි අවස්ථාවේ සෙනසුරාදා රාත්‍රියේ මෙම අනතුරට ලක්ව තිබුණා.

මෙම වසරේ එය අප්‍රේල් 06 වන දින මෙක්සිකානු ඇකපුල්කෝ වරායෙන් පිටත් වූ මෙම නෞකාවේ අවසාන ගමනාන්තය අයිස්ලන්තය බවයි වාර්තා වන්නේ.

අනතුරින් පසු බෘක්ලින් පාලම තාවකාලිකව වසා දැමීමට කටයුතු කළ අතර, මේ වනවිට එය නැවත විවෘත කර තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ දී නෞකාව තුළ කාර්යමණ්ඩල 277 දෙනෙකු සිට ඇති බවයි වාර්තා වන්නේ.

නිව්යෝර්ක් නගරාධිපති එරික් ඇඩම්ස් පැවසුවේ නෞකාවේ “බලය නැති වී” එය මෙලෙස පාලමේ ගැටුණු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?