පාකිස්ථාන සුපර් ලීගයෙන් ඉවත්ව එද්දී මෙන්ඩිස් ක්‍රීඩා උපකරණ අඩංගු බෑගය දමා ඇවිත්

සතියක කාලයක් තවකාලිකව නවතා දැමූ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අද (17) යළි ආරම්භ වනවා.

කෙසේ වෙතත් තරගාවලිය සඳහා එක්ව සිටි විදෙස් ක්‍රීඩකයින් බොහෝ දෙනෙක් යළි ඔවුන්ගේ රටවල් වෙත පිටත්ව ගොස් ඇති අතර, ඇතැම් ක්‍රීඩකයින් යළි තරගාවලිය සඳහා එක් නොවන බව දන්වා තිබෙනවා.

එවන් තත්ත්වයක වෙනත් විදෙස් ක්‍රීඩකයින් තම කණ්ඩායම් වෙත එක්කර ගැනීමට අයි.පී.එල් කණ්ඩායම්වල හිමිකරුවන් කටයුතු කර තිබෙනවා.

මේ අතර මෙවර තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ට ද එක්වීමට අවස්ථාව උදාවී ඇත්තේ ගුජරාට් කණ්ඩායම නියෝජනය කරන ජෝෂ් බට්ලර් එංගලන්ත ජාතික කණ්ඩායම සමඟ එක්වීමට තරගාවලියෙන් ඉවත්වීමට තීරණය කිරීමත් සමඟයි.

ඒ, අනුව පාකිස්ථාන සුපර් ලීග් තරගවලිය ක්‍රීඩා කරමින් සිටි මෙන්ඩිස් එම තරගාවලියෙන් ඉවත්ව ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමඟ අයි.පී.එල් ක්‍රීඩා කිරීමට ගිවිසුම් ගතව සිටිනවා.

මේ අතර පාකිස්ථාන සුපර් ලීග් තරගවලියෙන් ඉවත්ව යළි ශ්‍රී ලංකාවට පැමිණි මෙන්ඩිස් ඔහුගේ ක්‍රීඩා උපකරණ අඩංගු බෑගය පාකිස්ථානයේ දමාවිත් ඇති බවයි වාර්තා වුණේ.

ඔහු එම ක්‍රීඩා උපකරණ අඩංගු බෑගය යළි ලබාගැනීමට උත්සාහ කර ඇති අතර එම අවස්ථා කිහිපයක්ම ව්‍යාර්ථ වූ බවයි මෙන්ඩිස් පවසන්නේ.

කෙසේ වෙතත් පාකිස්ථානයේ සිටින ශ්‍රී ලාංකිකයෙක් විසින් ඉස්ලාමාබාදයට ගොස් තම ක්‍රීඩා උපකරණ අඩංගු බෑගය ද රැගෙන ශ්‍රී ලංකාවට පැමිණ එය තමන් වෙත භාරදුන් බවයි මෙන්ඩිස් සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ.

05
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
1
+1
19
+1
4
+1
0
+1
2
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ පක්ෂය පාවා දීපු අයට සමාව දෙන්නේ නෑ
07:27
Video thumbnail
ලියලා තියාගන්න - 2029යේත් දිනන්නේ අනුර තමයි
04:39
Video thumbnail
මට ග#ලා දුවව ඇ#ගෙන ගියා - තරුණියෙක්ව බලෙන් උස්සගෙන ගිහින්
02:14
Video thumbnail
මහර විදුලි උපකරණ වෙළඳසැලක ගින්නක් - උණුසුම් තත්තවයක්
00:50
Video thumbnail
විපක්ෂයට සොරිම තමයි - අපි ආණ්ඩුව වැටෙන්න දෙන්නේ නෑ
15:28
Video thumbnail
බීලා වේගයෙන් ආපු රියදුරා, කාන්තාවන් දෙදෙනෙක් එලොව යවයි
01:07
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථයක් පොලිසියෙන් අල්ලයි
01:33
Video thumbnail
ණය ගෙවන්න බැරිවුණොත් රට ලොකු ඛේදවාචකයක - රට ගැන හිතලා අපි එකතුවෙමු
10:07
Video thumbnail
ජල ගාස්තුවත් වැඩි කරන්න යන්නේ ? - රට භයානක තත්ත්වයක..විපක්ෂය අනතුරු අඟවයි..!
02:59
Video thumbnail
සුන්බුන් විපක්ෂයට මෙහෙමනම් ගමනක් නෑ - නි. ඇමතිගෙන් විපක්ෂයට සැර සත්තමක්
05:33