දෙමටගොඩ දී පහර දී පුද්ගලයෙකු ඝාතනය කෙරේ (වීඩියෝ)

දෙමටගොඩ – මහවිල පටුමග මංසන්ධියේ දී ඇති වූ ආරවුලක දී පුද්ගලයින් සිව්දෙනෙකු විසින් තවත් අයෙකුට පොල්ලකින් සිදු කරන ලද පහරදීමක් හේතුවෙන් එම තැනැත්තා ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ අබ්දුල් ගෆුර් මොහොමඩ් සුලෙයිමාන් යන අය බවයි වාර්තා වන්නේ.

ඊයා (13) රාත්‍රියේ දී මෙම ඝාතනය සිදු ව ඇති අතර හෙතෙම මානසික ආබාධ සහිත යාචකයෙක් බවට ද දෙමටගොඩ පොලිසිය පවසනවා.

මෙතෙක් සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නැහැ.

දෙමටගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?