ජාතික වෙසක් සතිය හෙටින් ඇරඹෙයි

ජාතික වෙසක් සතිය හෙටින් ආරම්භ වනවා.

“කළණ මිතුරන් ඇසුරු කරමු” යන්න මෙවර ජාතික වෙසක් සතියේ තේමාවයි.

හෙටින් ආරම්භ වන වෙසක් සතිය ලබන 16 වනදා දක්වා ක්‍රියාත්මක බවයි බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.

ජාතික වෙසක් සතියයේ සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් හෙට (10) පස්වරුවේ නුවරඑළිය බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

නුවරඑළියේ පැවැත්වෙන රාජ්‍ය වෙසක් උත්සවය සහ අනුරාධපුරය දක්වා යන සැදැහැවතුන් වෙනුවෙන් අද සිට විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ලබන 13 වැනිදා දක්වා එම විශේෂ දුම්රිය සේවාවන් ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !