අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමියන් වෙනුවෙන් යාඥාවක් – උන්වහන්සේට උපරිම සුදුසුකම් තියෙනවා

නව පාප් වහන්සේ ලෙස මුළු මහත් ආසියාවම නියෝජනය කරමින් සහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී සිටින අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් වහන්සේ ගැන මෙරට ජනතාව දැඩි බලාපොරොත්තුවකින් පසුවන බව අගරදගුරු පදවි ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා පවසනවා.

පියතුමා අද (08) පස්වරුවේ මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේ, මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් වෙනුවෙන් කතෝලික සභාව ම යාඥා කරන බවයි.

නමුත් එම වටිනාතම අවස්ථාව දෙවියන් වහන්සේගේ කැමැත්ත මත සිදු වන්නක් බවත් ජූඩ් පියතුමන් පෙන්වා දුන්නා.

අද පස්වරුවේ වතිකානයේ සිස්ටයින් දේව මන්දිරයේ ඡන්ද විමසීම් හතරක් පැවැත්වීමට නියමිතයි.

එහි පළමු ඡන්ද විමසීම ඊයේ (07) පස්වරුවේ ද දෙවැනි ඡන්ද විමසීම අද දහවල් ද පැවැත්වුණ ද, සිස්ටයින් දෙව් මැඳුරෙන් නිකුත් වූයේ කළු පැහැති දුමාරයක්.

එබැවින් අද පස්වරුවේ තවත් ඡන්ද විමසීම් දෙකක් පැවැත්වෙන බවත් ඒවා පිළිවෙළින් දහවල් 03.30ට හා රාත්‍රී 10.30ට පැවැත්වෙන බවත් සුදු දුමාරයක් බලාපොරොත්තුවෙන් පසුවන බවයි ජූඩ් ක්‍රිෂාන්ත පියතුමන් සඳහන් කළේ.

ලෝකවාසී සියලු දෙනාගේ බලාපොරොත්තුව අද නව පාප් වහන්සේ කෙනෙක් තේරී පත් වන බවටයි පියතුමන් පවසන්නේ.

අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් හට මේ සඳහා උපරිම සුදුසුකම් ඇති බවත්, උන්වහන්සේ වෙනුවෙන් දෙවියන් ඉදිරියේ යාඥා කරන බවත්, ලෝකයේම ගෞරවාදරයට උන්වහන්සේ පාත්‍ර වී ඇති බවත් මෙහිදී ජූඩ් ක්‍රිෂාන්ත පියතුමන් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු ගමක්ම බිය කළ වන අලියා මෙල්ල කළ මෙහෙයුම - ආවොත් මොන මඟුලක්වත් කරන්න බෑ
02:03
Video thumbnail
සෘණාත්මක අදහස්වලට නොමඟයන්න එපා - MF සමඟ කළ 7ත් වන සමාලෝචනය ගැන නි. මුදල් ඇමති හෙළිකරපු දේ
13:08
Video thumbnail
ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට දහසක් කුල දරුවන් සසුන් ගත කිරීමේ ජාතික මහෝත්සවය
01:23
Video thumbnail
ස්වාමීන් වහන්සේලාගේ කඳුළු කතාව කාටවත් පේන්නේ නෑ..ඇහෙන්නේ නෑ - අනුන්ටම පිහිට වුණු ජීවිත අපි
12:24
Video thumbnail
මොරටුව ගිනිගත් නිවාස සංකීර්ණය නිරීක්ෂණයට ගිය නි.ඇමති
01:29
Video thumbnail
අනේ ජනාධිපතිතුමා මාව ගන්න ලංකාවට
01:21
Video thumbnail
රිමාන්ඩ් වුණ ජානකි බන්ධනාගාර බසයෙන් යන අයුරු
00:22
Video thumbnail
නෙදර්ලන්ත කාන්තාවක් දිය ඇල්ලෙන් වැ#ටී එළොව යයි
00:40
Video thumbnail
මුළු පාරම වතුරෙන් වැහිලා ගිහින්
00:31
Video thumbnail
කළු ගඟේ ජලය බැසයාම ශීඝ්‍රයෙන් ඉහළ ගිහින්
00:33