වැව් ඉස්මත්තක තිබී මිය ගිය පුද්ගල මළසිරුරක් සොයා ගැනේ

අද (01) උදෑසන මැදවච්චිය ප්‍රදේශයේ තිබී පුද්ගල මළසිරුරක් සොයා ගෙන තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, ප්‍රදේශවාසියෙකුගෙන් ලද තොරතුරක් අනුව මැදවච්චිය පොලිසිය කළ සෝදිසි කිරීමක දී මහවැව ඉස්මත්තේ ගසක එල්ලී සියදිවි නසාගත් අයෙකු මළසිරුරක් මෙලෙස හමු වූ බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ මැදවච්චිය – උල්පත්ගම ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි චානක විරාජ කුමාර නමැත්තෙක්.

ඊයේ (30) රාත්‍රියේ මෙම මරණය සිදු වන්නට ඇතැයි පොලිසිය අනුමාන කරනවා

මෙය ඝාතනයක් ද නැතහොත් සියදිවි නසා ගැනීමක් ද යන්න සොයා මැදවච්චිය පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?