පුංචි ඡන්ද අපේක්ෂිකාවගේ සැමියා හොර ලේඛන හදා මාට්ටු

කූඨ ලේඛන සකස් කළ පුද්ගලයෙක් පානදුර උතුර පොලිසිය විසින් ඊයේ (25) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගෙන ඇත්තේ 66 හැවිරිදි වියේ පසු වූ පානදුර, පරත්ත, රුක්මල් මාවතේ පදිංචි පුද්ගලයෙක්.

උප්පැන්න සහතික, මරණ සහතික, විවාහ සහතික, විදුහල්පති සහතික, ග්‍රාමසේවා සහතික මෙම පුද්ගලයා විසින් කූඨ ලෙස සකස්කර ඇති අතර, රාජ්‍ය ආයතන කිහිපයක ව්‍යාජ මුද්‍රා ද සැකකරු සන්තකයේ තිබී සොයාගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුගේ බිරිඳ මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා සමගි ජන බලවේගයෙන්
අපේක්ෂිකාවක් ලෙස ඉදිරිපත්ව සිටින තැනැත්තියක් බව ද පොලිසිය සඳහන් කළා.

මෙම සැකකරු මීට පෙර 203 වසරේදී ද මෙවැනි වරදකට අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ අයෙක් බවයි වාර්තා වුණේ.

මෙම සැකකරු බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ සේවය කර විශ්‍රාම ගිය පුද්ගලයෙක් බවයි තොරතුරු වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
11
+1
2
+1
1
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේගේ බිරිඳ කළ ප්‍රබල හෙළිදරව්ව - "මගේ බබාලා පස්සේ ඇවිත් කරදර කරන එක ඉතා අසාධාරණයි"
02:30
Video thumbnail
සලේගේ නෝනාගේ පස්සෙන් යන මේ අභිරහස් මනුස්සයා කවුද..?
07:44
Video thumbnail
අපිට නිවසක් දෙනකම් අපි මාරාන්තික උපවාසයක් කරනවා
02:45
Video thumbnail
ලාල්කාන්තලා, සරත්ලා තමයි කසිප්පුකාරයෝ, ගංජාකාරයෝ - රෙදි නැතුව යන්න ගමට වරෙල්ලා උඹලා
10:30
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16