දකුණු කොරියානු නාවික හමුදාවේ නෞකාවක් කොළඹ වරායට (ඡායාරූප)

කොරියානු ජනරජ නාවික හමුදාවේ නෞකාවක් වන ‘Kang Gam Chan’ නෞකාව නිල සංචාරයක නිරත වෙමින් අද (22) දින කොළඹ වරායට සේන්දු වුණා.

එම නෞකාවේ පැවති උත්සවයට ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකර සහභාගී වූ අතර, මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ කොරියානු තානාපතිනි මියන් ලී ද සහභාගී වී සිටියා.

නියෝජ්‍ය අමාත්‍යවරයා නෞකාවේ කපිතාන්වරයා සහ කොරියානු තානාපතිවරිය සමඟ නෞකාව නැරඹීමට එක් වූ අතර, අනතුරුව පැවති සාකච්ඡාවේදී නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම නෞකා සංචාරය දෙරට අතර දීර්ඝ කාලීනව පවත්නා හවුල්කාරිත්වයේ සන්ධිස්ථානයක් ලෙස සටහන් වන බවත්, එය නාවික සහයෝගීතාවයේ ශක්තිය පමණක් නොව සමුද්‍රීය ආරක්‍ෂාව සහ කලාපීය ස්ථාවරත්වය සඳහා දෙරටේ පොදු දැක්ම ද පිළිබිඹු කරන බවත්, සඳහන් කර සිටියා.

ශ්‍රී ලංකාවේ තරුණ සංවර්ධනය සඳහා කොරියාවේ දායකත්වය ද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා.

ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ගේ වෘත්තීය කුසලතා සහ භාෂා ප්‍රවීණතාවයන් වැඩිදියුණු කිරීම සඳහා කොරියානු ජනරජය විසින් ඉටු කරන ලද වැදගත් කාර්යභාරය ඔහු මෙම අවස්ථාවේ අගය කළා.

දෙරට අතර අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන දිගුකාලීන සබඳතා අගය කරන බවත්, සහයෝගීතාව සහ ද්විපාර්ශ්වික සබඳතා වැඩි දියුණු කිරීම සඳහා සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත්, කොරියානු තානාපතිනිය මෙහිදී පැවසුවා.

මෙම අවස්ථාවට ත්‍රිවිධ හමුදාපතිවරුන්, රාජ්‍ය තාන්ත්‍රික සාමාජිකයින් සහ කොරියානු තානාපති කාර්යාල නිලධාරීන් ද, සහභාගීව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොයින්ට් ඔෆ් ඕඩර් නිසා යකා නැග්ග අර්චුනා - ඊයේ තිබුණා කියලා ඒක පොයින්ට් එකක් නෙවෙයි..අපිටත් දෙන්න
01:36
Video thumbnail
සැමියාගේ නිසල සිරුර ළඟ හඬා වැටුණු ප්‍රවීණ නිළිය "අනේ මගේ දෙයියා..නැගිටින්න රත්තරං"
02:40
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසල වෙච්ච දේ - "බය වෙන්න එපා සර් තව පොඩි දවසයි"
01:45
Video thumbnail
එකම බස් එකේ අධිකරණයට ආ චාමර සහ නාමල් - නාමල් 06 වනදා දක්වා රිමාන්ඩ්
00:43
Video thumbnail
NBRO එකෙන් ජනතාවට විශේෂ ප්‍රකාශයක් - ඉදිරියේදී නායයෑම් සක්‍රීය වෙන්න පුළුවන්
04:35
Video thumbnail
හෙක්ටර් - නලින්ද පාර්ලිමේන්තුවේ ගැටෙයි - ආමාත්‍යවරු දෙපළම පාර්ලිමේන්තුවේ නෑ..මගේ අයිතිය නැතිව යනවා
06:32
Video thumbnail
කාවන්තිස්සගේ මරණය සොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලන යෝජනාව කථානායකට ලබාදෙයි
01:12
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ අද උදෑසන තත්ත්වය
01:02
Video thumbnail
ගතවූ පැය 24රේ වැඩිම වර්ෂාපතනය කොළඹින් - පහළ ප්‍රදේශවල සිටින ජනතාව සැලකිළිමත්ව සිටින්න -
04:23
Video thumbnail
රාජාංගන ජලාශයේ සහ අංගමුව ජලාශයේ වාන් දොට්ටු විවෘත කර ඇති අයුරු
00:42