සංවිධානාත්මක අපරාධකරුවන් සමග මිත්‍රකම් පැවැත්වූ දෙදෙනකු ව්‍යාජ අංක තහඩු සමග අත්අඩංගුවට

අප්‍රේල් මස 19 වැනි දින ගම්පහ පොලිස් වසමේ වතුමුල්ල ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්‍යය බලකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත නිවසක් පරීක්ෂා කර T56 ගිනිඅවි දෙකක්, එම පතොරම් 118ක්, එම පතොරම් ගැබ් තුනක්, වෑන් රථයක්, කාර් රථයක් හා ත්‍රීරෝද රථයක් ද සමග සැකකරුවන් හය දෙනෙකු සහ අපරාධයට සැලකපිට තවත් සැකකරුවන් දෙදෙනකු වශයෙන් සැකකරුවන් අට දෙනෙකු අත් අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශනය සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත ඉදිරිපත් කෙරුණා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ මේ සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්‍යය බලකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් ඉහත ත්‍රීරෝද රථය සම්බන්ධයෙන් සිදු කරන ලද වැඩිදුර විමර්ශනයක දී ත්‍රීරෝද රථය අලුත්වැඩිය කිරීමට ලබා දී තිබූ සීදුව පොලිස් වසමේ 18 කණුව ප්‍රදේශයේ පිහිටි ගරාජයක් පරීක්ෂා කර අනන්‍යතාව තහවුරු කර ගැනීමට නොහැකි තවත් ත්‍රීරෝද රථයක් සමග ගරාජයේ හිමිකරු ඊයේ (20) අත්අඩංගුවට ගත් බවයි.

අත් අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 31 වන ලියනගේමුල්ල – සීදුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම ත්‍රීරෝද රථ දෙකම දැනට විදේශගතව සිටින පුද්ගලයෙකු විසින් අලුත්වැඩියා කිරීම සඳහා ගරාජයට භාර දී තිබෙනවා.

ගරාජයේ තිබී සොයාගත් ත්‍රීරෝද හිමිකාරීත්වය සම්බන්ධයෙන් සොයා බැලීමේ දී මෙය රාගම – තේවත්ත අසල දී සොරකම් කර ඇති බවයි හෙළි ව ඇත්තේ.

අත් අඩංගුවට ගන්නා ලද ජීව උණ්ඩ සැකකරුවන් වෙත ලබා දුන් බවට සැක කෙරෙන පුද්ගල‍යාගේ ගල්පොත්ත ප්‍රදේශයේ පිහිටි නිවස පරීක්ෂා කිරීමේ දී එහි තිබී ව්‍යාජ ව සකස් කරන ලද වාහන අංක තහඩු 06ක් සහ එම අංකවලට අදාළ රක්ෂණ සහතික හා ආදායම් බලපත්‍ර සමග සැකකරු ඊයේ දහවල් කාලයේ දී විශේෂ කාර්‍යය බලකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරීන් කණ්ඩායම විසින් අත් අඩංගුවට ගනු ලැබුවා.

ඔහු සන්තකයේ තිබී ජංගම දූරකථන 04ක් හා මත් කරල 05ක් ද සොයා ගැනුණා.

අත් අඩංගුවට ගත් සැකකරු 29 හැවිරිදි ගල්පොත්ත – උඩුගම්පොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම සැකකරුවන් දෙදෙනා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත වැඩිදුර විමර්ශන සඳහා යොමු කෙරුණු බව‍යි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56