අගමැති මෝදි අද අනුරපුරයට – විශේෂ රථවාහන සැලැස්මක්

නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද (06) අනුරාධපුර ශ්‍රී මහා බෝ සමිදුන් වැදපුදා ගැනීමට නියමිතව තිබෙනවා,

මෝදි අග්රාමත්යවරයා ශ්‍රී මහා බෝ සමිදුන් වැදපුදා ගැනීමෙන් අනතුරුව, ඉන්දියානු රජයේ ප්‍රදානයක් ලෙස ස්ථාපිත කරන ලද මහව – අනුරාධපුර දුරකථන සංඥා පද්ධතිය නිල වශයෙන් විවෘත කිරීමට එක්වීමට නියමිතයි.

මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ අනුරාධපුර සංචාරය හේතුවෙන් අද (06) දිනයේ අනුරාධපුර නගරය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කළා.

ඒ අනුව අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ සිට ශ්‍රී මහා බෝධිය දක්වා වූ රෝහල් වටරවුම, හරිස්චන්ද්‍ර මාවත, පළාත් සභා වටරවුම, ඔරලෝසු කණුව වටරවුම සහ කුරුණෑගල හන්දිය දක්වා වූ මාර්ගයන් පෙරවරු 8.30 සිට විටින් විට වසා තබන බවයි පොලීසිය දැනුම් දෙන්නේ.

එමෙන්ම ශ්‍රී මහා බෝධිය අසල සිට අනුරාධපුර දුම්රිය ස්ථානය දක්වා ගමන් ගන්නා මාර්ග සහ අනුරාධපුර දුම්රිය ස්ථානයේ සිට ගුවන් හමුදා කඳවුර දක්වා ගමන් ගන්නා මාර්ග ද අද (06) පෙරවරු 11.00 තෙක් විටින් විට වසා තැබීමට නියමිතයි.

මෙම මාර්ග වසා තැබෙන අවස්ථාවල දී විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් සහ රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?