පාසල් සිසුන් ඇතුළු 15 දෙනෙකු රෝහලට යැවූ ඉංගිරියේ මාරක අනතුර (වීඩියෝ)

හොරණ – රත්නපුර මාර්ගයේ ඉංගිරිය දිස්ත්‍රික් රෝහල ආසන්නයේ දී පාසල් සිසුන් පිරිසක් ගමන් ගත් පෞද්ගලික බස් රථයක් සහ කුඩා ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරින් පාසල් සිසුන් ඇතුළු 15 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා.

අද (27) පෙරවරුවේ මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් තුවාල ලැබූවන් ඉංගිරිය රෝහලට ඇතුළත් කෙරුණා.

තුවාල ලැබූවන් අතර කුඩා ලොරියේ රියදුරු සහ සහායකයා, බස් රථ රියදුරු මෙන් ම මව්වරුන් දෙදෙනෙකු හා පාසල් සිසුන් දස දෙනෙකු වන බව පොලිසිය පවසනවා.

ඉංගිරිය ගාමිණී මහා විද්‍යාලයේ සිසුන් 25 දෙනෙකුගෙන් යුත් පිරිසක් මව්වරුන් තිදෙනෙකු සමග දොඹගොඩ විද්‍යාලයේ පැවැත්වෙන ක්‍රිකට් ත‍රගයකට සහභාගි වීම සඳහා කුඩා ලොරියකින් ඉංගිරිය සිට හොරණ දෙසට යමින් සිටිය දී ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත්, දිස්ත්‍රික් රෝහලත් අතර දී හොරණ දෙස සිට ඉංගිරිය දෙසට පැමිණි බස්රථය හා මුහුණට මුහුණ ගැටී මෙම අනතුර වී ඇතැයි වාර්තා වනවා.

අනතුරත් සමග ලොරි රථයේ රියදුරු සහ සහායකයා ද, පාසල් සිසුන් ද අසල්වාසීන් විසින් සිර වී සිටි ස්ථානයෙන් මහත් පරිශ්‍රමයක් දරා බේරාගෙන තිබෙනවා.

බරපතළ තත්ත්වයේ සිටි ලොරි රියදුරු සහායක, බස්රථ රියදුරු, මව්වරුන් දෙදෙනෙකු හා පාසල් සිසුන් 6 දෙනෙකු මූලික ප්‍රතිකාර ලබා දී වැඩිදුර ප්‍රතිකාර සඳහා හොරණ මූලික රෝහලට මාරුකර යවා තිබෙනවා.

පාසල් සිසුන් රැගත් ලොරියේ රියදුරු ඉදිරියෙන් ගමන් ගත් වාහනයකට ඉස්සර කිරීම සඳහා ප්‍රතිවිරුද්ධ දිශාවට යාම හේතුවෙන් ඉදිරියෙන් පැමිණි බස් රථයේ ගැටී මෙම අනතුර වී සිදු වී ඇති බවයි පැවසෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14