ත්‍රිකුණාමලයේ දී අඹුසැමි යුවළක් බියගන්වා මෝටර් රථය, මුදල් හා රන් භාණ්ඩ කොල්ලකාලා

ත්‍රිකුණාමලය පොලිස් වසමේ සංඝමිත්තා වෙරළ තීරය අසල ඇති මුවන් නැරඹුම් ස්ථානයේ දී අඹුසැමි යුවළට තර්ජනය කර බියගන්වා ඔවුන් පැමිණි මෝටර් රථය, මුදල් හා රන් ආභරණ කොල්ල කා පලා ගොස් තිබෙනවා.

මෝටර් රථයකින් පැමිණි පුද්ගලයින් තිදෙනෙකු විසින් ඊයේ (16) දහවල් මෙම කොල්ලකෑම සිදුකර ඇති බවයි පොලිසිය පැවසුවේ.

මම අපරාධය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකල විමර්ශනයේ දී ත්‍රිකුණාමලය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කින්නියා පාලම අසල දී සිදුකළ වැටලීමක දී අපරාධයට සම්බන්ධ කොල්ලකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අවුරුදු 34 හා 35 වයස්වල පසුවන ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

කොල්ලකන ලද මෝටර් රථය, කොල්ලකරුවන් පැමිණි මෝටර් රථය හා ජංගම දුරකථනයක් පොලිස් භාරයට ගෙන ඇති අතර සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරු සහ දේපළ අත්අඩංගුවට ගැනීමට වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

කොල්ලකරුවන් පැමිණි මෝටර් රථය

WhatsApp Image 2025 03 17 at 6.20.45 AM

සොරාගත් මොටර් රථය

WhatsApp Image 2025 03 17 at 6.20.22 AM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56


?