මාර්තු 15 වැනිදා සිදු වන්නේ සත්ව සංගණනයක් නොව සරල සමීක්ෂණයක් පමණක් බවත් පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි පවසනවා.
පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ දී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ මේ සම්බන්ධයෙන් කිසිඳු දත්තයක් නැති වපසරියක යම් දත්ත ප්‍රමාණයක් හෝ ලබාගැනීම වෙනුවෙන් පමණක් මෙම සමීක්ෂණය සිදු කරන බවයි.
මේ හේතුවෙන් මෙම උත්සාහය පිළිබඳ උපහාසයෙන් බැලීම සුදුසු නොවන බව ද ඒ ඔහු අවධාරණය කළා.
පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව අමාත්‍ය (වෛද්‍ය) දම්මික පටබැඳිගේ සභාපතිත්වයෙන් පසුගියදා (05) පාර්ලිමේන්තුවේ දී රැස් වුණා.
මෙහිදී අලි මිනිස් ගැටුම ඇතුළු වගා හානි සිදුකරන අනෙකුත් සත්ත්වයින් වන රිලවුන්, දඬුලේනුන් සහ මොනරුන් සම්බන්ධයෙන් පවතින ගැටුම් පිළිබඳ පැමිණි මන්ත්‍රීවරුන් කමිටුවට පෙන්වා දුන්නා.
රිලවුන්, දඬුලේනුන් සහ මොණරුන් බෝවීම වැලැක්වීම සම්බන්ධයෙන් කටයුතු කිරීම අත්‍යාවශ්‍ය වන බවත් එසේ කිරීමට අසමත් වුවහොත් කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් විශාල අර්බුදයක් ඇතිවිය හැකි බවත් මේ අනුව සාකච්ඡා කෙරුණා.
සාකච්ඡාව අතරතුර අමාත්‍ය (වෛද්‍ය) දම්මික පටබැඳි පෙන්වා දුන්නේ මේ සඳහා කඩිනමින් විසඳුම් ලබාදීමට අපහසු වුවද හැකි ඉක්මනින් විසඳුම් ලබාදීමට කටයුතු කරමින් සිටින බවයි.
එමෙන්ම අලි මිනිස් ගැටුම නැවැත්වීම සඳහා ද අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බවත්, අලි ගමන් කරන සීමාවන් හඳුනාගෙන ඇති බවත්, එම ගමන් කිරීම්වලට බාධා ඇති වී තිබෙන මාර්ග නිරාවරණය කිරීමට කටයුතු කරන බවත් මෙහි දී නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි පැවසුවා.
තවද අලි දුම්රියේ ගැටීම නැවැත්වීම වෙනුවෙන් අවශ්‍ය කැමරා පද්ධති සැකසීම ඇතුළු අවශ්‍යවන අනෙකුත් ක්‍රියාමාර්ග සති දෙකක් තුළ ගැනීමට කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.





