Empty Ad
AFC Banner
Empty Ad

ගමක දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් කතක් ඇතුළු හතරක් රෝහලට

මීගහකිවුල – අග්ගලා උල්පත ගම්මානයේ දෙපිරිසක් අතර ඊයේ (06) රාත්‍රියේ ඇති වූ ගැටුමකින් බරපතළ තුවාල ලැබූ කාන්තාවක් ඇතුළු සිව්දෙනකු මීගහකිවුල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල ශික්‍ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇතැයි කන්දකැටිය පොලිසිය පවසනවා.

මෙලෙස රෝහල්ගත කර ඇත්තේ අග්ගලා උල්පත ගම්මානයේ පදිංචි අවුරුදු 20-51 ත් අතර වයසේ පසුවන කාන්තාවක්, තරුණයින් දෙදෙනකු ඇතුළු සිව්දෙනෙක්.

එකම ගම්මානයේ ම පදිංචි මෙම දෙපිරිස අතර ඇති වූ පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් පහර දීම සිදු ව ඇති බව මූලික විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කන්දකැටිය පොලිසිය හා බදුල්ල රෝහල් පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?