ගමක දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් කතක් ඇතුළු හතරක් රෝහලට

මීගහකිවුල – අග්ගලා උල්පත ගම්මානයේ දෙපිරිසක් අතර ඊයේ (06) රාත්‍රියේ ඇති වූ ගැටුමකින් බරපතළ තුවාල ලැබූ කාන්තාවක් ඇතුළු සිව්දෙනකු මීගහකිවුල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල ශික්‍ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇතැයි කන්දකැටිය පොලිසිය පවසනවා.

මෙලෙස රෝහල්ගත කර ඇත්තේ අග්ගලා උල්පත ගම්මානයේ පදිංචි අවුරුදු 20-51 ත් අතර වයසේ පසුවන කාන්තාවක්, තරුණයින් දෙදෙනකු ඇතුළු සිව්දෙනෙක්.

එකම ගම්මානයේ ම පදිංචි මෙම දෙපිරිස අතර ඇති වූ පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් පහර දීම සිදු ව ඇති බව මූලික විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කන්දකැටිය පොලිසිය හා බදුල්ල රෝහල් පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14