Empty Ad
AFC Banner
Empty Ad

හතලිස් තුන්ලක්ෂ විසිදහසක විදේශීය දුම්වැටි සමග කතක් අල්ලයි

රුපියල් හතලිස් තුන් ලක්ෂ විසි දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක්, නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත්, කටුනායක ගුවන් තොටුපොළෙන් පිටකර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගී කාන්තාවක් අද (26) දින අලුයම පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඇය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ, කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරියක් ලෙස කලක් සේවය කළ, පොල්ගහවෙල ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි කාන්තාවක්.

ඇය අද අලුයම, ඩුබායි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ 8 ඩී.- 822 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ බවයි වාර්තා වන්නේ.

ඇය විසින් රැගෙන ආ ගමන් මළු තුළ විදේශීය නිෂ්පාදිත ප්ලැටිනම් වර්ගයේ දුම්වැටි 28,800ක් අඩංගු දුම්වැටි කාටූන් 144ක් සඟවා ගෙන සිටියදී, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ වනවිට මෙම කාන්තාව පොලිස් ඇප මත මුදා හැර ඇති අතර, එළඹෙන 05 වැනි දින ඇය මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?