ඝාතකයින් තිදෙනෙකු ඇල්ලීමට පොලිසිය මහජන සහාය පතයි

ගාල්ල – දඩල්ල, කනත්ත හන්දියේ දී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කර පසුපැදිකාරිය වන ඔහුගේ බිරිඳට තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල අප‍රාධ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්‍යාංසය මගින් මේ වනවිට එක් සැකකරුවෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ මේ සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනයේ දී අපරාධයට අනුබල දීම හා සැලසුම් කිරීමට අදාළ ව සැකකරුවන් තිදෙනෙකු පිළිබඳ ව හඳුනාගෙන ඇති බවයි.

ඔවුන් පදිංචි ප්‍රදේශවලින් පලා ගොස් ඇති අතර සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය අපේක්ෂා කරනවා.

එම සැකකරුවන්ගේ ඡායාරූප ද මාධ්‍ය වෙත නිකුත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

පොලිසියට අවශ්‍ය කර සිටින සැකකරුවන් වන්නේ අංක 541,කුඩා ගම්මානය 19, නව නගර, වීරවිල පදිංචිකරුවෙකු වන එදිරිවීර විජේසුන්දර පටබැඳිගේ නීල් සුරංග, අංක 14,03 වන අදියර, නායගොඩ – රත්ගම විසූ කොත්ති උපේන්ද්‍ර පුෂ්ප කුමාර සහ මැටිවල හසුන් ප්‍රභාත් පද්මකුමාර නමැති රත්ගම – රණපනාදෙණියේ පදිංචිකරුවන්.

මෙම සැකකරුවන් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් 071-8591452 (ගාල්ල කොට්ඨාසය – ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී) හෝ 091-2233217 යන කොට්ඨාස අපරාධ විමර්ශන අංශය – ගාල්ල වෙත හෝ දන්වන ලෙස ශ්‍රී ලංකා පොලිසිය ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56