ස්වාධීන අභිචෝදක කාර්යාලයක් පිහිටුවීමට මූලික වටයේ සාකච්ඡා

ස්වාධීන අභිචෝදක කාර්යාලයක් පිහිටුවීම සඳහා මූලික සාකච්ඡාවක් පැවැත් වූ අතර ඒ සඳහා නීතිපති දෙපාර්තමේන්තුව, පොලිසිය, ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා සහභාගි වූ බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසනවා.

ස්වාධීන අභිචෝදක කාර්යාලය ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතාගෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් අද (24) ඒ බව සඳහන් කළා.

එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ පැවසුවා.

මෙම අභිචෝදක කාර්යාලය ආරම්භ කිරීම, පවත්වා ගෙන යාම පිළිබදව පුළුල්ව සාකච්ඡාවක් පැවැත්වුවා. මූලිකව මේ සාකච්ඡාව පැවැත්වුයේ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියක් ලබා ගෙන නොවෙයි. මෙය මූලික සාකච්ඡා වටයක් පමණයි. මේ සදහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් සකස් කරන ලෙසත්, අභිචෝදක කාර්යාලය පිහිටුවීම සඳහා නිල වශයෙන් කමිටුවක් පත් කිරීමට කටයුතු කරන ලෙසත්, ලේකම්තුමියටත් නීති අංශයටත් මා උපදෙස් ලබා දුන්නා. අභිචෝදක කාර්යාලය පිහිටුවන්නේ කෙසේද ? ඔවුන්ගේ කාර්යභාරය විය යුත්තේ කුමක්ද? එයට අවශ්‍ය මානව සම්පත් සහ තාක්ෂණ සම්පත් ලබාගන්නේ කෙසේද ? යනාදී සියලු කරුණු පිළිබඳ ව තවදුරටත් සාකච්ඡා කරනවා. මෙහි අවසාන අරමුණ වන්නේ නඩු පැවරීමේ ඒකකයක් ස්ථාපිත කිරීමයි. එමෙන්ම මේ සඳහා සුදුසු අවස්ථාවකදී මහජනතාවගේ සහ සිවිල් සංවිධානවල අදහස් විමසීමට අපි කටයුතු කරනවා. අපි මෙය ඉතා ඉක්මනින් විවෘත කරනවා. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් ස්වාධින අභිචෝදක කාර්යාලය ස්ථාපිත කිරීමේ පොරොන්දුව ඉතා ඉක්මනින් ඉටු කර ගත හැකිවෙතැයි අපි බලාපොරොත්තු වෙනවා.” යනුවෙන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56