රජයේ ඩිජිටල් ආර්ථිකයේ ඉදිරි වැඩපිළිවෙල ගැන මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට වැඩමුළුවක්

රජයේ ඩිජිටල් ආර්ථික කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන, ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් දැනුවත් කිරීම සඳහා වැඩමුළුවක් මාර්තු මස 10 වනදා පැවැත්වීමට, ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ දී තීරණය වී තිබෙනවා.

ඒ, එම කාරක සභාව ඩිජිටල් ආර්ථික අමාත්‍ය, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සභාපතිත්වයෙන් ඊයේ (20) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.

මේ අවස්ථාව සඳහා කතානායක ජගත් වික්‍රමරත්න ද සහභාගී වී සිටියා.

මෙහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා ආණ්ඩුවේ ප්‍රධානතම ඉලක්කයක් වන ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයේ සංවර්ධනය වේගවත් කිරීම, සමස්ත රටේම සිදුවන පරිවර්තනයක් ලෙස සළකා සියලුම දෙනා කටයුතු කිරීම වැදගත් බව අවධාරණය කළා.

මෙහිදී ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් ඉදිරියේ දී ඩිජිටල් ආර්ථික කටයුතු සිදුවන අංශයන් පිළිබඳව කරුණු ඉදිරිපත් කරනු ලැබුවා.

එහිදී රාජ්‍ය ඩිජිටල් කරණයේ ප්‍රමුඛයා වන ICTA ආයතනය ඩිජිටල් ආර්ථික අධිකාරිය යටතට පත්කර වඩාත් ඵලදායී ආකාරයෙන් සේවාවන් ලබාගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් පවතින බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ නිලධාරීන් කාරක සභාවට දැන්වූවා.

තවද රාජ්‍ය ආයතන විසින් විවිධ ආයතන මගින් තමන්ගේ තොරතුරු හා දත්ත රැස්කිරීම වෙනුවෙන් විවිධ පද්ධති නිර්මාණය කර ඇති අතර ඒවා ඉදිරියේ දී විධිමත්ව එක් ආයතනයක් ඔස්සේ නිර්මාණය කිරීමේ වැදගත්කම ද මන්ත්‍රීවරයන් පෙන්වා දුන්නා.

මෙහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා සිටියේ එවැනි පද්ධති රාජ්‍ය අධීක්ෂණක සහිතව නිර්මාණය කළ යුතු බවත් දැනට එම පද්ධති නිර්මාණය නොකිරීමට අමාත්‍යාංශ ලේකම්වරුන්ට උපදෙස් ලබාදී ඇති බවයි.

එමෙන්ම ඒ ඒ ආයතනවල අවශ්‍යතාව අවබෝධ කරගනිමින්, එම පද්ධති නඩත්තු කරමින් පවත්වාගෙන යාමේ වැදගත්කම ද වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා අවධාරණය කර සිටියා.

එමෙන්ම දිවයිනේ යම් යම් ප්‍රදේශවල දුරකථන සංඥා ආවරණයන්ගේ පවතින දුර්වලතා පිළිබඳවද මන්ත්‍රීවරයන් නිලධාරීන්ගේ අවධානයට යොමු කළා.

ඒ අනුව ගමට සන්නිවේදනය වැඩසටහන යටතේ හඳුනාගත් ප්‍රදේශවල නව සංඥා කුළුණු 50ක් ඉදිකිරිමට සැළසුම් කර ඇති බවත්; ඒ ඔස්සේ යම් ප්‍රමාණයකින් මෙම දුරකථන සංඥා අවහිරතා අවම කරගැනීමට හැකි වනු ඇති බවත් අමාත්‍යාංශ නිලධාරීන් කාරක සභාවට දැනුම් දුන්නා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48